
ගස්කිස්ස සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් තුළ ඊයේ (07) දහවල් කාලයේ ඇතිවු ගින්නකින් පිළිස්සුම් තුවාල ලැබූ තරුණයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි සොයිසාපුර මොරටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පාශ්චාත් මරණ පරීක්ෂණය අද (08) දින සිදුකිරීමට නියමිතය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com