Colombo Today Local News

මෙරට එන්නත ලබාගත් අයගේ තොරතුරු WHO දත්ත පද්ධතියට

මෙරට කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ එන්නත් ලබාගත් පුද්ගලයන් දෙකෝටි හතළිස් ලක්ෂ දහනවදහස් හත්සිය හැත්තෑ අටකගේ (24,019,778) තොරතුරු මෙම සතිය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පද්ධතියට ඇතුළත් කර අවසන් බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පවසයි.

මෙමගින් එන්නත්කරණය සාර්ථකව සිදු කළ අයට ජාත්‍යන්තර වශයෙන් ඕනෑම තැනක දී තම එන්නත්කරණ තොරතුරු ලබාගත හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

කොවිඩ් එන්නත්කරණ දත්ත නිසි අයුරින් පද්ධතියට ඇතුළත් නොකරන තත්ත්වයක් තුළ ජනපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදාව වෙත මෙම කාර්ය භාර දී තිබුටණ් මීට මාස කිහිපයකට පෙරය. එහි දී අඩුපාඩු සහිත වාර්තා සම්පූර්ණ කරමින් සියලුම දත්ත පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබිණි.

Related posts

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති සම්පාදනය කරීමේ සූදානමක්

colombotoday

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

colombotoday

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

ඩොලර් ලක්ෂ තුනක් ආයෝජනය කළොත්, විදේශිකයන්ට මෙරට වීසා

colombotoday