Colombo Today Local NewsHot NewsNew Constitution

බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න

ct-con01

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් අනු කමිටු 6 වාර්තා ඊයේ (19) අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ අනුකමිටු වාර්තා මගින් මධ්‍යම රජය සතු ඉඩම්, පොලිස්, පරිපාලන සහ මූල්‍ය බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබා දීමටත්, පළාත් සභා සදහා විධායකයට මැදිහත් වීමේ හැකියාව දුර්වල කිරීම සදහා  එමගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්නගේ මෙහෙයවීම යටතේ, ඩී.සිද්ධාර්ථන් සභාපතින්වය දරණ “මධ්‍යම – පර්යන්ත සබදතා පිළිබද අනුකාරක සභාව“ විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය පාලන ඒකක අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මෙම කමිටුව පැවරී ඇති වගකීමයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සදහා ලබා දී ඇති, එහෙත් මේ දක්වා පත්වූ කිසිදු රජයකින් බලාත්මක නොකළ ඉඩම්, පොලිස්, අධිකරණ, මූල්‍ය, බලතල පූර්ණවශයෙන් පළාත්සභාවට පැවරීමට එම කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

පළාත්බද රජයේ ඉඩම් පරිපාලනය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන තීරණ ගැනීමේ බලතල පළාත් සභාවට පැවරීමට නිර්දේශ කර ඇති අතර අන්තර් පළාත් සංවර්ධන ව්‍යාපෘති සදහා තම පළාතේ ඉඩම් නිදහස් කරනවාද යන්න තීරණය කිරීමේ බලතලද පළාත්සභාවට පැවරේ.

අනු කමිටු වාර්තාව –  පිටුව 32

lnd01-colombotoday-com

මෙරට බහුජාතික බහුවාර්ගිකත්ව රටක් යන්න පදනම් කරගෙන නිර්දේශාවලිය සකස් කර ඇති අතර රටටම අදාලවන පරිදි “ජාතික ප්‍රතිපත්ති“ සකස් කරනවා වෙනුවට ඇතැම් විෂයන් සම්බන්ධයෙන් බහුවාර්ගිකත්වය පදනම් කරගෙන “පළාත් ප්‍රතිපත්ති“ සැකසීමට පළාත්සභාවලට පූර්ණ බලය පැවරීමට නිර්දේශ කර ඇත.

නව ව්‍යවස්ථාව අනුව විධායක ජනපතිවරයා වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරන පළාත් ආණ්ඩුකාර තනතුරේ බලතල අහෝසි කිරීමටත්, එය නමාමාත්‍රික තනතුරක් බවත් පත් කිරීමටත් නිර්දේශ කෙරේ. ඒ හරහා පළාත් සභා පරිපාලනය සම්බන්ධයෙන් විධායකයට මැදිහත්වීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරා ඇත. තවද ආණ්ඩුකාරවරයා පත්කිරීම පළාත් මහඇමතිවරයාගේ අනුමැතිය පරිදි සිදුකිරීමට නිර්දේශ කර ඇත.

“නීතිය හා සාමය“ පළාත්සභා විෂයක් විය යුතුයැයි පවසන කමිටු වාර්තාව පළාත්බද පොලිස් කොමිසමක් ස්ථාපිත කිරීමට නිර්දේශ කර ඇති අතර ඒ හරහා පූර්ණ වශයෙන් පොලිස් බලතල පළාත්සභවලට පැවරීමට යෝජනා කරයි.

අනු කමිටු වාර්තාව –  පිටුව 14

an-01-colombotoday-coman-02-colombotoday-coman-03-colombotoday-com

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි විධායක සහ ව්‍යවස්ථාදායක බලතල මධ්‍යම රජය සහ පළාත්සභා සමග බෙදාහදා ගැනීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් “පළාත්සභා සමගාමී බලතල ලයිස්තුව“ මුළුමනින්ම අහෝසි කිරීමට නිර්දේශ කර ඇත. ඒ හරහා පළාත් පරිපාලනය සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට මැදිහත්වීමේ හැකියාව මුළුමනින්ම අහෝසි වන අතර ඉන්පසු පළාත්සභා මධ්‍යම රජයෙන් වෙන්වූ වෙනම ස්වාධීන බලතල සහිත පාලන ඒකක ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත.

පළාත්සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් මතුවන ගැටුම් නිරාකරණය සදහා “ව්‍යවස්ථා අධිකරණයක්“ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති අතර, එහි සංයුතිය ජනවාර්ගික පදනම මත සකස් විය යුත බවටද නිර්දේශ කෙරේ.

sml01-colombotoday-com

මීට අමතරව මුල්‍ය පරිපාලනය, රාජ්‍ය පරිපාලන සේවය හා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ පූර්ණ බලතල පළාත්සභා සදහා පැවරීමට නිර්දේශ කරමින් ඒකීය රාජ්‍ය පදනම දෙදරවන ආකාරයේ භයානක නිර්දේශ ගණනාවක් නව ව්‍යවස්ථාව සදහා යෝජනා වී ඇති අතර යම් හෙයකින් මෙම යෝජනා යතාර්ථයක් වුවහොත්, එය ඒකීය ශ්‍රීලංකාව බෙදුම්වාදය දීශාවට තල්ලුවීමේ ආරම්භය වීම නොවැළැක්විය හැකිවනු ඇත.

ව්‍යවස්ථා අනුකමිටුවේ සම්පූර්ණ වර්තාව මෙතැනින්

 

 

 

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

ඈවරයි ! දෑවරයි !! ජෝන් ද සිල්වා රගහලත් විකුණන්න යයි… යහපාලන කලාකරුවෝ වැළපෙයි !

colombotoday

හඳුනානොගත් මත් පෙති 3500ක් සමග අයෙක් කොටු

Admin

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාර නියාමකයන් බඳවා ගැනීමට තීරණයක්

colombotoday

එජාප තීරණ නිසා රට අරාජික වෙනවා – අපි ආණ්ඩුවෙන් යනවා – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday