Colombo Today Local News

මෙරට නිෂ්පාධිත ගිනි අවි 8ක් සමඟ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

නීතිවිරෝධි ලෙස සන්තකයේ තබා ගත් මෙරට නිෂ්පාධිත ගිනි අවි 8ක් සමග පුද්ගලයින් අට දෙනකු පොලොන්නරුව දිඹුලාගල සොරිවිල ගම්මානයේ කල හදිසි සොදිස්සි මෙහෙයුමකදි අද (25) දින අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

ගිනි අවි භාවිතා කර දිඹුලාගල සොරිවිල ගම්මානයේ පුද්ගලයින් විසින් විශාල ලෙස සතුන් දඩයම් කරන බවට පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල පොලිස් බල ප්‍රදේශයේ දිඹුලාගල සොරිවිල ගම්මානයේ පුද්ගලයින් අට දෙනෙකුය. මෙම පුද්ගලයින් මෙම ගම්මානයේම පදිංකරුවන් බවත් මෙම අවි භාවිත කර කළු කන්ද රක්ෂිතයේ සිටින වන සතුන් දඩයම් කරන බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා තිබේ.

පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණ කටයුතු සිදු කිරිම සදහා අරලගංවිල පොලිසිය වෙත භාර දි තිබේ.

Related posts

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

හිටපු යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

Admin

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

colombotoday

බැදුම්කරෙන් එළියට ආපයින් අගමැති ඉන්දියාවට.. මූකම්බිකා කෝවිලේ දෙවියන් යදී !

colombotoday