Colombo Today Local News

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යලි පවරා ගනී

මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්)මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ(07)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව වර්තාවේ.

මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති ස්ලිට් ආයතනය පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ විවිධ අණ පනත් හරහා මහපොල භාරකාර අරමුදලින් බැහැර කර ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබිණි.

ඒ අනුව එම අණපනත් අහෝසි කර ,ස්ලිට් ආයතනය මහපොළ භාරකාර අරමුදලට නැවත පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත .

Related posts

ඇල්පිටියේ සියලුම කොට්ඨාස පොහොට්ටුවට !

colombotoday

අස්ගිරි නාහිමිගේ ප්‍රකාශයක් වාර්තා කළ මාධ්‍යවේදිනියට මුජිබර් රහුමාන්ගෙන් තර්ජණ !

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට CIDය අධිකරණයෙන් ඉල්ලයි. අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday