Colombo Today Local News

ත්‍රිකුණාමළය සාම්පල්තිව් හන්දියේ බෝධීන් වහන්සේ කපා දමලා… පිළිම ගෙයත් වනසලා!

කිසියම් පිරිසික් විසින් ත්‍රිකුණාමළය සාම්පල්තිව් හන්දියේ පාලම අසල පිහිටා තිබූ බෝධීන් වහන්සේ කපා දමා එහි ස්ථාපනය කර තිබූ පිළිමගෙයද විනාශ කර තිබෙනවා.

වසර විසි පහකට වඩා පැරණි මෙම බෝධින් වහන්සේ අස පිහිටා තිබූ හමුදා කදවුරේ නිලධාරීන් හා එම ස්ථානයෙන් ගමන් ගන්නා සංචාරයකන්ද වැදුම් පිදුම් කළ බවයි සදහන් වන්නේ. මේ වන විට හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත්කර ඇති අතර මේලෙස බෝධීන් වහන්සේ සහ පිළිම ගෙය විනාශ කර ඇත්තේ ඉන් පසුවයි.

අද දිනයේ කෙසේ හෝ එම ස්ථානයේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමට සහ බුදු පිළිමගෙය නැවති ප්‍රතිශ්ඨාපනය කිරීමට කටයුතු කරන බවද සිංහලේ ජාතික බලමුළුවේ ප්‍රකාශකයෙක් සදහන් කළා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් හමුදාව ක්‍රමාණුකූලව ඉවත් කිරීම ආරම්භවීමත් සමග මෙතෙක් කළක් ආරක්ෂා වී තිබූ බෞද්ධ සිද්ධස්ථාන දැඩි ලෙස තර්ජණයට ලක්ව තිබෙන බවයි උතුරු නැගෙනහිර පළාතේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Related posts

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

රවීගේ දූෂණයක් ගැන දූෂණ විරෝධී හඩෙන් පැමිණිල්ලක්

colombotoday

ක්‍රීඩා ඇමති අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහි නඩුව හෙටට කල්යයි

Admin

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සොයා මෙහෙයුම් ඇරඹේ…

colombotoday