Colombo Today Local News

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට, පොලිස් අධිකාරීවරයෙකුට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරීම සහ පොලිස් කැබ් රථයකට අලාභ හානි සිදු කිරීම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, මෙම සිද්ධියට අදාළව සමීප අවේක්ෂණ දර්ශන සහ විමර්ශනයන්හිදී ලබා ගත් වීඩියෝ දර්ශන ඇසුරින් අදාල පහරදීම් හා පොලිස් කැබ් රථයකට හානි කළ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන බවයි.

ඒ අනුව පහත ඡායරූපවල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වේ නම් 07108591735, 0718592735, 0718591733 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවන්නැයි කොටි හිතවාදීන්ගෙන් බලපෑම්

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් – බැඳුම්කර හිමියන් IMF වෙත දැනුම්දෙයි

Admin

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට සිට පත්වීම්

Admin

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday