Colombo Today Local News

ඉන්දීය ධිවරයින් 11ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව ඊයේ(07)රාත්‍රි ඩෙල්ෆ් දූපතේදී ඉන්දීය ධිවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික සිල්වා මහතා සදහන් කරන්නෙ, ඔවුන් පැමිණි බෝට්ටු 3 ක් ද නාවික හමුදා භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් අද(08)දින යාපනය දිස්ත්‍රික් ධීවර කාර්යාලයට භාර දීමට නියමිත ය.

මේ අතර මෙරට ධීවරයින් විසින් වට කිරීමෙන් පසුව නාවික හමුදාව අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදුන් ඉන්දීය ධීවරයින් 21 දෙනා පෙබරවාරි මස 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මේ අතර මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනා මත රජය භාරයට ගත් ඉන්දීය ධීවර බෝට්ටු තොගයක් ද ඊයේ වෙන්දේසි කර තිබේ.

Related posts

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

යුද හමුදා උපකරණ සමග බේරුවලදී 15ක් අත්අඩංගුවට…

colombotoday

“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ” – මහින්ද දේශප්‍රිය තැබූ සටහන

Admin

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

ඉහළ තැන්වල තොරතුරු රැසක් එළියට.. පර්පචුවල් ප්‍රධාන ගැණුම්කරුට පොලිස් ආරක්ෂාව !

colombotoday

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

colombotoday