Colombo Today Sports News

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනා ගනී

පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක රිදී පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට එක් විය.

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය පැරා ක්‍රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීම එෆ් 42 – 44 අංශයෙන් තරග කළ පාලිත බණ්ඩාර එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු දැක් වූ දක්ෂතාව මීටර 44යි දශම 2කි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලක දිනූ පළමු රිදී පදක්කම එය වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටී.

Related posts

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සැරසෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය ටොම් මූඩි ට

colombotoday

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත T20 ලෝක කුසලාන තරඟය අද

colombotoday

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday