Colombo Today Local News

වෙලේ සුදා සමග ඇගෑළුම් පෑ නිළියන්ගේ ආදායම් බදු හොයන්න රහස් පොලීසිය යයි

වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවූ ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග ඇතුළු 20 දෙනකුගේ ආදායම් බදු වාර්තා පරීක්ෂා කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට ඊයේ (30දා) අවසර ලබා දී අැත.

හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වෙලේ සුදා පිළිබඳ සිදු කරන විශේෂ විමර්ශනයේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ අය පිළිබදව කරුණු අනාවරණය වුයේය. මෙම අවසරය ලබා දී අැත්තේ එම විමර්ශන කටයුතු වල ඉදිරි පියවරක් ලෙසය.

විශාල වත්කම් සහිත බැංකු ගිණුම් සහිත බවට හෙළිවූ මොවුන් ආදායම් බදු ගෙවීමක් සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඊට අදාළ ලේඛන භාර ගැනීම සඳහා ප‍්‍රකාශ සටහන් කිරීමට අවශ්‍යව ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා අැත. ඒ හේතුවෙන් මෙම අවසරයලබා දී තිබේ.

Related posts

වික්ටර්ගේ බිරිද පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday

බොරතෙල් ආනයන කිරීමේ මාස 7ක කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

colombotoday

කැනඩාවේන් එවූ කෝටි 8 කට අධික කුෂ් රේගුව අල්ලයි

Admin

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

colombotoday