Colombo Today Local News

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ලබන බ‍්‍රහස්පතින්දා (11) දිනයේ රජයේ නිවාඩු දිනයක් යෙදි ඇති බැවින්, අගෝස්තු 8 සිට 12 වැනි දා දක්වා සතිය තුළ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පමණක් පාසල් පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සිකුරාදා දිනයේ සිසු සිසුවියන්ට නිවෙස් පාදක ක‍්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක‍්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට පියවර ගත යුතු බවයි.

ප‍්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාවය අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ සිකුරාදා දිනයේ ද පාසල් පැවැත්වීම හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, සෑම ගුරුවරයෙක්ටම අවම වශයෙන් සතියට දින තුනක් පාසල් පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකිවන පරිදි නම්‍යශීලි කාලසටහනක් සකස් කළ යුතු බවයි.

Related posts

රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනයට

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

“ඥානසාර වහා බැඳ දමනු“ – පුරවැසි බලය (Video)

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 60කට කොවිඩ්

colombotoday

ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵලයි. – හිටපු ජනාධිපති

colombotoday