Colombo Today Local News

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

හොරණ මූලික රෝහලේ කනිෂ්ට කාර්ය මණ්ඩල පුරප්පාඩු වහාම සම්පුර්ණ කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා අද (03)දින දහවල් හොරණ මූලික රෝහලේ සේවකයින් පිරිසක් එම රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටියහ.

අතුරු දීමනාව වහාම ගෙවීමල එකඟවූ නිදි විවේක දීමනාව වහා ලබා දීමල කොව්ඞ් වසංගත තත්වය යටතේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වලට අවශ්‍ය පහසුකම් ලබා දීම සහ සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ඉල්ලිම් රැසක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණී.

‘අතුරු දීමනා වහා ගෙවනු එකඟ වූ නිදි විවේක දීමනාව වහා ලබා දෙනු’ ‘කොරෝනා වලින් මැරුණොත් අපට වගකියන්නේ කවුද’ ‘අය වැයෙන්සෞඛ්‍යට වෙන් කළ ප්‍රතිපාදන වැඩි කරනු’ යන මැයෙන් සටහන් කරන ලද විරෝධතා පුවරු රැගෙන මෙලෙස විශාල පිරිසක් රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටියහ.

මෙම විරෝධතාවයට උපස්ථායකවරු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ පරිපාලකවරු එක්ව සිටි අතර රෝහල් කටයුතු වලට බාධාවක් නොවන පරිදි ආහාර පැයේ විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවෝ සාමකාමීව විසිර ගියහ. සමස්ත ලංකා සුව සේවා සංගමයේ හොරණ මූලික රෝහල් ශාඛාව මගින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

Related posts

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

Admin

රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.

colombotoday

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කරයි

colombotoday

“බන්ධනාගාර නිලධාරීන් පමණයි වෙඩි තැබීම් සිදුකර තිබෙන්නේ” | මහර ගැටුමට හේතු වු තවත් කරුණු හෙළිවෙයි.

colombotoday

මාතර නගරයේ වෙඩි තැබීමක්

colombotoday