World

ලාංකික බිරිය මරා කාන්තාරයේ සැගවූ ඇමරිකානුවාට සෞදි ශරීයා අධිකරණයෙන් වසර 5ක සිර දඩුවමක් !

Sharia2332සිය ශ්‍රී ලාංකික බිරිය ඝාතනය කර අල්කාජ් කාන්තාරයේ නලයක සගවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකානුවෙකුට සෞදියේ ඉස්ලාමීය ශරීයා අධිකරණය විසින් වසර පහක සිර දඩුවමක් නියම කර ඇත.

අල්කාජ් කාන්තාර ප්‍ර දේශයේ ගෑස් නල ඉදිකිරීමේ සමාගමක සේවය කළ මෙම ඇමරිකානු ජාතිකයා සිය බිරිද ඝාතනය කර සිරුර පුළුස්සන ලෙස හෝ වළ දමන ලෙස කම්කරුවන්ට පවසා ඇති අතර ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද අධිකරණයේදී ප්‍රකාශ විණි.

ඝාතනයට ලක්වූ ලාංකීය කාන්තාවගේ පෙර විවාහයේ දරුවන්, මිනීමරුවාට මරණ දඩුවම ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් අධිකරණය එය ප්‍රතික්ශේප කර අත.

සෞදියේ ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය ශරීයා දණ්ඩ නීතිය වන අතර එය සෞදි ජාතිකයන්ට සහ ඇමරිකානුවන් ලිහිල්වත් ආසියානුවන්ට සහ කාන්තාවන්ට අසාධාරණ ලෙසත් ක්‍රියාත්මක වන බව චෝදනාවට ලක්වෙයි.

අත්වැරදීමකින් දරුවෙකු මිය යෑම හේතුවෙන් ගෘහ සේවයේ යෙදුණු ලාංකික බාල වයස්කාර දැරියක් මීට පෙර සෞදි ශරීයා අධිකරණ තීන්දුව අනුව හිස ගසා මරා දමන ලදි.

Related posts

ලොව ලාබාලම අගමැතිනය ඉල්ලා අස්වෙයි

Admin

නීතිවිරෝධී උද්ඝෝෂණ තීරණාත්මකව මඩින්න බ්‍රිතාන්‍ය අගමැති පොලිසියට බලය දෙයි

Admin

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයි

colombotoday

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව ප්‍රභේදය

colombotoday

ගෝලීය කෝවිඩ් ආසාදිතයින් එක්කෝටි විසිඅට ලක්ෂය ඉක්මවයි

colombotoday