Colombo Today Local News

පොලිස් රාජකාරියට බාධා කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

මහනුවර, ගැටඹේ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැණකෙළි භුමියකට බීමත් පිරිසක් ඇතුළුවීම වැළැක්වීමට යාමේදී ඔවුන් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 30 සහ 46 යන වයස්වල පසුවන උඩපේරාදෙණිය හා පොල්ගොල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related posts

2019 මාර්තු පහර දුන් ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් යලි පහර දෙයි

colombotoday

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් – මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

විදුලි බිල වැඩිවීම කිරීම අනිවාර්යයි – බලශක්ති ඇමති කියයි

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin