Colombo Today Local News

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා දුන්නේය.

පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී එම පත්වීම් පත්වීම ලබාදුන් බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූ අතර ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.

පත්වීම් ලිපිය ලැබූ නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට සුළු වේලාවකට පසුව සිය ධුරයේ වැඩ භාරගත්තේය.

Related posts

තිලංග සුමතිපාල ඉල්ලා අස්වේ… අස්වීමේ ලිපිය ජනපතිට යවයි…

colombotoday

ප්‍රංශයේ සිට ඇවිත් කලබල කල ගෝඨා ගෝ හෝම් සංවිධායකයකු අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday

යුද හමුදාපතිට එරෙහිව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා !

colombotoday

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

colombotoday