28.8 C
Colombo
2 June 2025
Colombo Today Local News

වහාම කොවිඩ් එන්නත ලබා ගන්න.. අත්‍යාවශ්‍ය නැතිනම්, නිවසින් පිටතට යන්න එපා..! රජය දන්වයි

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග උද්ගතව ඇති තත්ත්වය හමුවේ සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා වහාම කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට යොමුවන්නැයි, රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලොව අනෙකුත් රටවල් මෙන් මෙරටත් කොවිඩ්- 19 ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යාම හමුවේ, සෑම පුද්ගලයෙකුම රෝගයට ගොදුරු වීමේ අවදානමකට මුහුණ පා සිටින බවයි.

ආසාදිතයින් වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුවන අතර ආසාදිතයින්ගෙන් 1.5% පමණ ජීවිතක්ෂයට පත්වන බව ද එහි සඳහන් ය.

මේ අතර වෛරසයට ගොදුරු නොවී සිටීමට නම්, පහත උපදෙස් තරයේ පිළිපදින්නැයි, සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

📌හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා ගන්න. (ලෝකයේ වැඩි පිරිසක් ජීවිත බේරා ගෙන ඇත්තේ, කොවිඩ් එන්නත ලබා ගැනීමෙනි)

📌අත්‍යාවශ්‍යම කාරණයකට මිස නිවසින් පිටතට නොයන්න.

📌 සෙනග ගැවසෙන මංගල, අවමංගල හා වෙනත් උත්සවලට සහභාගී වීම සම්පූර්ණයෙන් ම නතර කරන්න.

📌පොදු ස්ථානයකට යන විට අනිවාර්යයෙන් ම මුව ආවරණය පළදින්න.

📌කාමර, ශාලා, විදුලිසෝපාන , වාහන වැනි ආවරණය කළ ස්ථානවල සෙනග සමග ගැවසීමෙන් වළකින්න.

📌විටින් විට සබන් යොදා දෑත් සෝදන්න.

📌අන්‍යයන් සමග මීටර 2කට වඩා දුරින් සිටින්න.

📌නිදන්ගත රෝග ඇත්නම්, රැකියාවට මිස නිකරුනේ නිවසින් පිටතට නොයන්න.

Related posts

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

Admin

නවගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජංගම වෛද්‍ය සායනයන් පැවැත්වීමේ කාලසිමාව දීර්ඝ කරයි

colombotoday

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්…

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin