BusinessColombo Today Local News

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

Hemas-hospitalsරජය සතු ව්‍යවසායන් පෞද්ගලික අංශය වෙත පැවරීමේ ක්‍රියාවලියක් සිදුවන්නේ නම් තමන් දැනට සාර්ථක වී ඇති කර්මාන්ත අංශයන්ට අදාළ ව්‍යාපාර භාර ගැනීමට සූදානම් බව හේමාස් හෝල්ඩිංග්ස් කියා සිටී.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් හේමාස් හෝල්ඩිංග්ස් සමාගම පවසා සිටින්නේ තමන් දැනට නිරත ක්ෂේත්‍රවල වැඩිදුර අවස්ථා ගවේෂණයට සමාගම සූදානම් බවත් පසුගිය වසර ගණනාව පුරාවට මෙරට සෞඛ්‍යෙසේවා කර්මාන්තය තුළ නව්‍යකරණයේ පුරෝගාමියෙකු බවට පත්වී ඇති බවත්ය.

ඒ අනුව ලංකා හොස්පිටල් වැනි රාජ්‍ය ව්‍යවසායක් පුද්ගලික අංශය වෙත පැවරීමට රජය නිල වශයෙන් මුලපුරන්නේ නම් ඒ සඳහා තම සමාගම උනන්දුවෙන් පසුවන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ලංකා හෝස්පිටල් හි රාජ්‍ය අංශය සතු හිමිකාරීත්වය මූලික වශයෙන් තෙවැදෑරුම් වේ. මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත රක්ෂණ අරමුදල සතුව 29.54% ක් එහි සාමාන්‍ය රක්ෂණ අරමුදල සතුව 25.07% ක් සහ ලංකා බැංකුවේ පාලිත සමාගමක් වන ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සතුව 9.53% ක් වශයෙන් සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයෙන් 64.14% ක් රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතී.

කෙසේ වෙතත් ඉන්දියවේ Fortis Global Healthcare Holdings සමාගම ද ලංකා හොස්පිටල් හි 28.66% ක කොටස් අයිතියකට හිමිකම් කියනු ලබයි. මේ අනුව රජය විසින් සිය හිමිකාරීත්වය පැවරීමට කටයුතු කළහොත් ලංකා හොස්පිටල් කොටස් හිමිකාර ලැයිස්තුවේ දෙවන තැන පසුවන Fortis Global Healthcare Holdings සමාගම ද ඊට උනන්දු නොවේ යැයි සිතිය නොහැකිය.

මේ වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට හේමාස් හොස්පිටල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් වෛද්‍ය ලකිත් පීරිස් වැඩ භාර ගනු ලැබීය. ඒ මහතා ඊට පෙර කටයුතු කරනු ලැබූයේ ලංකා හොස්පිටල් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙනි.

ලංකා හොස්පිටල් යනු ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායකි. එය මේ වසරේ සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 තුළ දී පමණක් රුපියල් මිලියන 630 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ.

– biz.adaderana.lk

Related posts

ප්‍රබල ඇමතිගේ දියණිය අල්ලස් අරන් අගමැතිට මාට්ටු !!

colombotoday

ලොකු ලූනු මිල නැවතත් ඉහලට

Admin

උසස් පෙළ උඩින්ම දිනූ විශිෂ්ටයෝ මෙන්න !

colombotoday

ඩොලර් නැතුව අත්‍යවශ්‍ය ආහාර සහිත බහලුම් 2,500ක් වරායේ සිරවෙයි

colombotoday

බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දුට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් නෑ – හමුදාපති

colombotoday

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday