Colombo Today Local News

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්, පාලනාධිකාරිය නිහඩයි.. සිසුන්ගේ ජීවිත අනතුරේ !

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාපිඨ සිංහල සිසුන්ට අද දහවල් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා. විශ්ව විද්‍යාලයට නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් අතරතුරයි මෙම ප්‍රහාරය සිදුව තිබෙන්නේ.

විද්‍යාපීඨ සිංහල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණු මෙම පිළිගැනිම සදහා උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් සහභාගී කරවාගෙන තිබෙන අතර දමිළ සිසුන් එයට විරෝධය පළකර තිබෙනවා. අනතුරුව එම ස්ථානයට කඩා වැදුණු කාලා පීඨ දෙමළ සිසුන් විසින් විශ්ව විද්‍යාල ආචාර්ය්‍යවරුන් බලා සිටියදීම පහරදීම සිදුකර තිබෙන අතර වීදුරු කඩා බිද දමමින් විශ්ව විද්‍යාල ගොඩනැගිවලටද හානිකර තිබෙනවා.

පහරදීමෙන් සිසුන් රැසකට තුවාල සිදුවී ඇති අතර එම අවස්ථාවේ සිසුන් හතර දෙනෙකු රෝහල්ගත කළ බවයි විශ්ව විද්‍යාල සිංහල ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කරන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත්, යළිත් වරක් පහරදීමක් සිදුවෙතැයි සිංහල සිසුන් දැඩි භීතියකින් පසුවන බවත් ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

13686512_1729471500628437_7997772882063591785_n 13692677_1729471473961773_328768886970974439_n 13718794_1729471543961766_8366920747920406790_n 13700082_1729471453961775_5800831088171233874_n

Related posts

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම ගැන ඉස්ලාම් හැරගිය පුද්ගලයන්ගේ සංවිධානයෙන් නිවේදනයක්…

colombotoday

රාජිත පිය පුතු දෙපළ යාපනයට ගුවනින් බහී.. දෙමළ ගැටළු වෙනුවෙන් අරගල කරන බව දිවුරයි

colombotoday

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

බොදු බල සේනා සංවිධානය විසුරුවනවා

colombotoday

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

colombotoday

මෛත්‍රීට ඕස්ට්‍රේලියා පත්තරෙන් එල්ලවූ දූෂණ චෝදනා වැරදියි… මහින්දට එල්ලවූ චෝදනා හරි… ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මෙන්න

colombotoday