World

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි විස්ස තරග 5 කට සහභාගි වීම සඳහා පාකිස්ථානය බලා ගොස් සිටි නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම පළමු තරගය ආරම්භ වීමට පැය ගණනක් තිබියදී ආරක්ෂක හේතුන් මත යැයි පවසමින් සංචාරය අවලංගු කර නැවත සිය රට බලා යෑමට තීරණය කර ඇත.

රාවල්පිණ්ඩිහිදී ඊයේ (17)දින පළමු තරගය ආරම්භයට පැය ගණනක් තිබියදී නවසීලන්තය ගත් මෙම තීරණය ඒකපාර්ශ්වීය තීරණයක් ලෙස පාකිස්ථාන් කි‍්‍රකට් පාලක මණ්ඩලය අර්ථ දක්වා තිබිණි.

නවසීලන්ත වසර 18 කට පසුව පකිස්ථානයේ සිදු කළ ප‍්‍රථම කි‍්‍රකට් තරග සංචාරය මෙය වූ අතර 2003 වසරේදී ඔවුන් අවසන් වරට පාකිස්ථානයේ සිදු කළ සංචාරයේදී කණ්ඩායම රැඳී සිටි කරච්චි හෝටලයේ පිපිරීමක් සිදුවිණි.

නවසීලන්ත කණ්ඩායම පසුගිය 11 වැනිදා ඉස්ලාම්බාද් ගුවන්තොටුපළින් පාකිස්ථානයට පියනැගූ අතර ඉන්පසුව පුහුණු සැසි සමග පුහුණු තරගවලට ඔවුහු සහභාගි වූහ.

එහෙත් නවසීලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ නවසීලන්ත බලධාරීන් පාකිස්ථානයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සෑහීමකට පත් වීමට නොහැකි බව දක්වමින් නවසීලන්ත කණ්ඩායම යළි සිය රටට ආපසු කැඳවීමට දැනුම් දී ඇත.

Related posts

මන්ත්‍රීවරයෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක්

colombotoday

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

colombotoday

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

colombotoday

ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන්නැයි දැඩි ඉල්ලීම්

colombotoday

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි

colombotoday