Colombo Today Local News

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්න අනුමැතිය

පරිවෙණාචාර්යවරු, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රුපියල් 5,000 විශේෂ දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙතෙක් එම පාර්ශවයන්ට මෙම දීමනාව අදාළ වී නොතිබුණු බව කී ඇමතිවරයා එයට හේතුව යම් යම් දත්තයන් ලැබීමේ ප්‍රමාදයන් බව ද සඳහන් කරයි.

ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව නිකුත් කෙරුණු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (iv) හි විධිවිධාන ඉහත සඳහන් පාර්ශවයන් වෙතත් අදාළ කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා පවසයි.

ඔවුන්ට මෙය ලබාදීමේ මාසයක ප්‍රමාදයක් සිදුවුවත් ලබන මස සිට හිඟ වැටුප ද සහිතව ලබා දී යුක්තිය ඉටුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

colombotoday

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday

මහ පිරිසක් මැද තෙවරප්පෙරුම – මහින්ද ‍ගැටෙයි.. තෙවරප්පෙරුමගේ කුණු බැණුම් අහගෙන මහින්ද පසුබසී

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

colombotoday

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණද? රනිල්, මලික්, කබීර් ට චෝදනා නැද්ද ?

colombotoday

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

colombotoday