Colombo Today Local News

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

රුපියල් ලක්ෂ 20 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග කාන්තාවක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අද (8)දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාරිය මහපරිමාණයෙන් තොග වශයෙන් මත්කුඩු අලෙවි කරන බවත්, මැය කිසියම් පුද්ගලයකු වෙත මත්කුඩු තොගයක් අලෙවි කිරීමට සුදානම් ව සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

සැකකාරියේ නිවාස සංකිර්ණයේ තෙවන මහලේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය පරීක්ෂා කිරීමේ දී ඇයගේ සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 83 ට ආසන්න ප්‍රමාණයත් තිබී ඇත.

ඇය කියිසම් පුද්ගගලයකු වෙත මෙම මත්කුඩු තොගය ලබා දීමට සුදානමින් සඟවාගෙන සිට ඇති බව පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි (40) හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය කියයි.

Related posts

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්තයෙක් ගැන ඉන්දීය බුද්ධි අංශ හෙළිකරයි !

colombotoday

මෛත්‍රී පත්කළ කමල් සිටියදී, මහින්ද හිරියාලට යළි සාලින්ද ‍ගෙනෙයි

colombotoday

රක්ෂිතවලින් කැපූ ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවේ

colombotoday

මැනිං වෙළෙඳුන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

ඒකීය රට කුඩුපට්ටම්.. රටම නොමග යවන ව්‍යවස්ථා අතුරු වාර්ථාවේ සැගවුණු උගුල මෙන්න !

colombotoday