Colombo Today Local News

සිංහලයාගේ එකම රට මේ රටයි.. මේ පාලකයන්ට ඕන ඕන විදිහට වැඩකරන්න දෙන්න බෑ – අස්ගිරි මහා නාහිමි

asgiri maha na gimi

ජාතිය ආගම සම්බන්ධයෙන් අද රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, මේ ගැන පාලකයන්ගන් විමසූ විට එවන් ප්‍රශ්නයක් නැති බවත්, ඒවා බොරු ප්‍රචාර බවත් කියන්නේ යැයි අස්ගිරි පාර්ශවයේ අතිගරු මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනි හිමියන් පවසයි.

පාලකයන් එසේ කීයමින් ගේ ඇතුළේ වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළියේ බවත්, මෙරට භික්ෂූන් වහන්සේලා කිසි කලෙක පසුබසින්නේ නොමැති බවත් උන්වහන්සේ අවධාරණය කර සිටී.

අස්ගිරි නාහිමියන් මෙම අදහස් පළකලේ කොළඹ සම්බෝධි විහාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

මේ රට බෞද්ධ රටක් බවත්, සිංහල ජාතියට ඇති එකම රට බවත් සිහිපත් කල නාහිමියෝ පාලකයන්ට අවශ්‍ය ආකාරයට අත්තනෝමතිකව කටයුතු කරන්නට ඉඩ නොදෙන බවද වැඩි දුරටත් අවධාරණය කර සිටියහ.

 

Related posts

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin

ජනපති හොරාගේ අම්මාගෙන් පේන අහයි.. නාහිමිවරුනූත් හෑල්ලුවට ලක් කරයි !

colombotoday

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයි

Admin

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

colombotoday

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin

කොලොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට..!

colombotoday