Colombo Today Local News

අපි වෙනම මැතිවරණයට ගියොත් ශ්‍රීලනිපයට යනඑන මං නෑ.. මෛත්‍රී – දුමින්ද පාක්ෂිකයන්ගෙන් සමාව ගනු

prasanna

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එන මං නැතිවන බවත්, අද පක්ෂය පත්ව ඇති තත්ත්වයට 2015 ජනවාරි 08 වැනිදා එජාපය සමඟ මුක්කු ගැසූ පුද්ගලයන් වගකිව යුතු බවත්, ඔවුන් පාක්ෂිකයන්ගෙන් සමාව ගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

පාද යාත්‍රාවෙන් පස්සේ රතු අලි පැටව් වගේම නිල් අලි පැටව් කලබලවෙලා මැසිවිලි නඟනවා. ඒකාබද්ධ විපක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතාව ඔවුන් ඉලක්ක කරගෙන තිබෙනවා. අනුර කුමාර රතු අලි පැටියා කියනවා රනිල්ට වඩා මහින්ද භයානකයි කියලා. රනිල්ගේ බටලන්දේදී ඝාතනය වුණේ ජනතා විමුක්ති පෙරමුණේ, ශ්‍රී ලනිප සහෝදරවරු. යුද්ධයේදී මහින්ද රාජපක්ෂ පරාජය කළේ කොටි ත්‍රස්තවාදයයි.

එතකොට රතු අලි පැටියා කියන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කරපු එක වඩා භයානකයි කියලාද? දේශපාලන වශයෙන් රතු අලි පැටියට මහින්ද භයානක තමයි. රතු අලි පැටවා රැකෙන්නේ එජාපය නිසා රනිල්ගේ පිහිටෙන්. නමුත් ගමේ ජ.වි.පෙ. සාමාජිකයන් එහෙම නෑ. මේ රතු අලි පැටියා මෙවැනි ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන්ද කියල අපිට සැකයි.

මැතිවරණයෙන් පරාජය වී පස්සා දොරෙන්ඇමැතිවරයකු වූ පුද්ගලයකු මහින්ද රාජපක්ෂව ප්‍රභාකරන්ට සමාන කර තිබුණා. මෙවැනි කතා කියන්නේ මුල අමතක වූ ජඩයෙක් පමණයි. ගමට ගියොත් මේ අයට මිනිස්සු පොලු අරන් ගහලා එළවයි පක්ෂයටයි රටටයි කරපු විනාශයට. අපි කියනවා ඔවුන්ට නිසි පාඩම් උගන්වන්න කියලා. 2015 ජනවාරි 08 වැනිදා බොරු වපුරලා බලය ගත්ත අය මහින්දගේ ප්‍රතිරූපය බිඳින්න වැඩකරනවා. බොරුවෙන් රට කරන්න බෑ කියලා ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන ලොකුම වැරැද්ද ජනතා ආකර්ෂණය ඇති මන්ත්‍රිවරුන්ගෙන් පළිගැනීමයි. පුත්තලම වැඩිම මනාපගත් සනත් නිශාන්ත මන්ත්‍රිවරයාගේ සාමාජිකත්වය අහෝසි කළා. සාමාජිකත්වය අහෝසි කිරීම වක්‍රකාරව එජාපයට අවශ්‍යදේ ඉටු කිරීමක්. අපි ඊට එකඟ නෑ. ශ්‍රී ලනිපය දුර්වල කරන්නේ එහි වර්තමාන නායකයෝයි.

මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, පක්ෂයට තියා රටටවත් ප්‍රජාත්‍රන්තවාදය ගේන්න අද පක්ෂ නායකයන්ට බැරිවෙලා. අපේ පක්ෂයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි. මේ පක්ෂයේ බෙදීම ආරම්භ වුණේ ජනවාරි 08 මැතිවරණයෙන් පස්සේ. අද කිඹුල් කඳුළු හෙළලා වැඩක් නෑ. පක්ෂය විනාශ කළේ ඒගොල්ලොයි යැයිද කීවේය.

ප්‍රසන්න රණතුංග මහතා එසේ කීවේ පෙරේදා (06දා) උඩුගම්පොල සිය නිවෙසේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

Related posts

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

colombotoday

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

නොසිතූ මොහොතක ගතම අප්‍රාණික වුවත්, මනසින් නොවැටුණු දිරිය දියණියක්…

colombotoday

“ජනතාවට කන්න තිබූ හාල් ටිකත් බියර් සමාගමට විකුණලා.. යහපාලනය කියා කරන්නේ ජාතික අපරාධ” හෙළ උරුමය

colombotoday

නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද ලගට යනවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

Admin