Colombo Today Local News

දළදා පෙරහැරට අලි නෑ.. අත්අඩංගුවට ගත් අලි පෙරහැරට ඉල්ලා හීලෑ අලි ඇත් සංගමය සත්‍යග්‍රහයක

ali na22ශ්‍රී දළදා පෙරහැරට සහභාගී කරවා ගැනීම සදහා ප්‍රමාණවත් අලි ඇතුන් නොමැති බැවින් පෙරහැර නිසි ලෙස පැවැත්වීමට නොහැකී වී ඇති බවත්, දැනට අත්අඩංගුවේ පසුවන අලි ඇතුන් පෙරහැර සදහා මුදාහරින ලෙසත් බල කරමින් හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය අද (09) මහනුවර නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

සත්‍යග්‍රහය සදහා එම සංගමයේ සභාපති පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමියන් සහ ඇත්ගොව්වන් පිරිසක් සහභාගී වී සිටින අතර, අත්අඩංගුවේ සිටින අලි ඇතුන් මුදා නොහරින්නේ නම් දැනට සිටින අලි ඇතුන්ද පෙරහැරට සහභාගී කිරීමෙන් වැළකී සිටින බවයි එම පිරිස සදහන් කරන්නේ.

ඊයේ ආරම්භ වූ පෙරහැර සදහා සහභාගී වී ඇත්තේ අලි ඇතුන් 30කට ආසන්න පිරිසක් පමණක් බවයි ඔහුන් සදහන් කරන්නේ. පෙරහැර සදහා මනා ලෙස පුහුණු වූ හීලෑ අලි අතුන් 39ක් පමණ මේවනවිට අත්අඩංගුවේ පසුවන අතර, විධායක බලතල යොදාගෙන එම අලි ඇතුන් පෙරහැර සදහා මුදාහරින ලෙස සත්‍යග්‍රහයේ නියුතු පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Related posts

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියාත් ගෙල වැලලා ගනී

colombotoday

මහශිව රාත්‍රීය උදාවේ මන්නාරමේ හින්දු කෝවිල්වටල ප්‍රහාර.. බුදු පිළිම, ශිව, ගණදෙවි පිළිම පැහැරගෙන යති

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

රෝයල් පාර්ක් විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin