Colombo Today Local News

සෝභිත හිමියන්ගේ සැක කටයුතු අපවත්වීම ගැන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න.. අධිකරණය අවසර දෙයි !

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ දී උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ රෝහල්වල වෛද්‍යවරු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (26) අවසර ලබා දී තිබේ.

ඒ, සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කමිටුව වෙතයි.

සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බව පවසමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

එම පැමිණිල්ල පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී සොභිත හිමියන්ගේ අපවත්වීම සිදු වූ ආකාරය පිළිබඳව සොයා බැලීම පිණිස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි.

ඉන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් කළ එම කමිටුව, සෝභිත හිමියන්ට ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව දන්වා තිබිණ.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගන්නා මෙන් පරීක්ෂණ කමිටුවට නියෝග කළේය.

Related posts

සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයි

colombotoday

FCIDය අහෝසි කරන්න අගමැති සමග ශ්‍රීලනිපය තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday

පැරකුම් යුගයක්‌ යළි අරඹනවා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday

Video: බැඳුම්කර හොරකම රවී මත පටවා ඇගහෝදගන්න මේ ආණ්ඩුව සැරසෙනවා – විමල් විරවංශ

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin