Colombo Today Local News

ලයන් බියර් කොම්පැණියට මුදල් ඇමතිගෙන් සුපිරි බදු සහන.. බිලියන ගණනක් රජයට පාඩුයි !

5698fdfdsමෙතෙක් විදේශයෙන් ආනයන කරනු ලබන නිෂ්පාදිත බියර් ලීටරයක් සදහා අයකරනු ලබන බද්ද ලයන් බියර් ආයතනයට රුපියල් 317කින් පහත දමා ඇතිබවට තොරතරු වාර්තා වේ. විදේශයෙන් ආනයන කරනු ලබන නිෂ්පාදිත බියර් ලීටරයක් සදහා රුපියල් 528ක බද්ධක් රජය අයකළ අතර මේ වනවිට මෙරට තුළ බියර් නිෂ්පාදනය කරනු ලබන සමාගම් වැසි ගොස් ඇත.

මෙරට බීර ඒකාධිකාරය හිමි කරගෙන තිබෙන ලයන් බෲවරි සමාගමට මෙතෙක් බීර ලීටරයක් සඳහා රුපියල් 528ක බදු මුදලක් පනවා තිබූ නමුත් මෙම නව බදු සහනය හේතුවෙන් ආනයනික බීර ලීටරයක් වෙනුවෙන් එම සමාගම රජයට ගෙවන්නේ රුපියල් 211ක් පමණක් බව වාර්තා වේ.

මෙම බදු සහනය එළඹෙන නොවැම්බර් මාසය දක්වා ලබා දී ඇති අතර පසුගිය සතිය වන විටත් ලයන් බෲවරි සමාගම බීර ලීටර් ලක්ෂ දෙකක් අදාළ බදු සහනය යටතේ ආනයනය කර ඇත.එහි දී රජයට රුපියල් මිලියන 72ක් අහිමි වී ගොස් ඇති බවත් මේ වන විට එම සමාගම තවත් බීර කන්ටේනර් 2000ක් ඇණවුම් කර ඇති බවත් වාර්තා වී ඇත.

දැනට තක්සේරු කර ඇති ආකාරයට මෙකී බදු සහනය හේතුවෙන් රජයට අහිමි වන බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 5565ක් : බිලියන 5.565 පමණ වේ

මේ තක්සේරුව සිදු කර තිබෙන්නේ මෙරට බීර වෙළෙඳපොළ තුළ ඇති සාමාන්‍ය දත්ත ඇසුරෙන් වන අතර සමාගම සිය ආනයන වැඩි කළහොත් මෙකී බදු සහනය හේතුවෙන් මීට වඩා පාඩුවක් රජයට සිදු විය හැකිය.

ලයන් බෲවරි සමාගමද අයත් වන්නේ ලංකාවේ ධනවත්ම ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනකු වන මනෝ සෙල්වනාදන් සහ හැරි සෙල්වනාදන්ටය. ඔවුන් දෙදෙනා මුදල් ඇමති රවී කරුණානායක සහ යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ අතිජාත මිත්‍රයන්ද වෙයි.

Related posts

සිව්වන වසරේ විශ්වවිද්‍යාල විභාග 22වන දා

colombotoday

රජයේ එන්නත් කරණවැඩපිළිවෙලෙන් විපක්ෂය දේශපාලනය කරයි. – අවශ්‍යතාවය මුලින්ම කිවේ සජිත් යැයි මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කරති.

colombotoday

වාද්දූව වෙරළට මිය ගිය කැස්බෑ සිරුරු 2ක් ගොඩගසයි

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට.

colombotoday

“යල කන්නයට පොහොර දෙන්න සියල්ල සූදානම්.. “

colombotoday