Colombo Today Local News

ආරක්ෂාව තහවුරු නෑ.. සිංහල සිසුන් කිසිවෙකුත් නැවත නොයයි.. යාපනය සරසවියට හමුදා ආරක්ෂාව ඕනෑ

jfutvයාපනය විශ්වවිද්‍යාලයේ පීඨ කීපයක්‌ විවෘත කළ බව රජය පැවසුවත් සිංහල සිසුන් කිසිවකුත් එහි නොගිය බව යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වන එස්‌. තුෂාර සිසුවා පැවසීය.

කවුරුන් මොනවා කීවත් සිංහල සිසුන්ට විශ්වවිද්‍යාලය තුළ ගැටලුවක්‌ පවතින අතර මහමඟදී සිංහල සිසුන්ට කරදරයක්‌ සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කවුදැයි ඔහු රජයෙන් ප්‍රශ්න කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.

අපි යාපනය කැම්පස්‌ එකේ ඉඳලා කිලෝමීටර් 3 ක්‌ දුර බෝඩිමක ඉන්නේ. අපිට පාරෙදි මොනවා හරි දෙයක්‌ වුවොත් කවුද වගකීම බාරගන්නේ. කැම්පස්‌ එකේ ආරක්‍ෂාව තහවුරු කරලා ස්‌ථිර විසඳුමක්‌ දෙනකම් සිංහල ළමයි කවුරුවත් යාපනය කැම්පස්‌ එකට යන්නේ නැහැ. දැන් අපිවත් හුඟක්‌ දෙමළ ළමයි අතර හයිලයිට්‌ වෙලා තියෙන්නේ. එදා මේ ගැටුම වෙලාවෙත් ඒ අය අපිව වීඩියෝ කළා. මේ ගැන අපි පොලිසියට පැමිණිලි කළා.

අපි කියන්නේ යාපනය කැම්පස්‌ එක වටේටම ආමි එක දාන්න කියලයි. එයාල ආමි එකට සෑහෙන බයක්‌ තියෙනවා. ඒ දෙමළ ළමයි පොලිසියට බයත් නෑ.

අපි දැන් කැම්පස්‌ එකට ඇවිත් අවුරුදු දෙකහමාරක්‌ වෙනවා. මේ වෙනකොට කැම්පස්‌ එකේ ඉන්න දෙමළ ළමයින්ගේ විශාල වෙනසක්‌ අපි දකිනවා.

දින දෙක තුනකට උඩදී අපි උපකුලපතිතුමියයි, පොලිස්‌පතිතුමයි, පාලකයොයි සමඟ සාකච්ඡාවක්‌ තිබුණා. එහිදී අපි ඔවුන්ට කිව්වෙත් සිංහල ළමයින්ගේ ආරක්‍ෂාව සහතික කරලා දෙන්න කියලයි.

දිවයින

Related posts

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව වැඩිවෙන්නේ මෙහෙමයි

Admin

මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

colombotoday

කොළඔ සුපිරි හෝටල්වලට ගෝන මස් සැපයූ දෙදෙනෙක් කොටු

colombotoday

ආදාහනයට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් මෘත ශරීරාගාරවල ගොඩගැසෙයි.

colombotoday

ඔඩ්ඩුසුඩාන් කම්හලේ වැඩ DSI සමාගම ආරම්භ කරයි

colombotoday

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday