Colombo Today Local News

මොහොමඩ් ෆයිසාල් බුර්කාවේ සැගවී ගුවන්තොටුපළට ආවේ ඇයි? පොලීසිය හොයයි

hazal62මුස්ලිම් කාන්තාවන් අදින බුර්කාවකින් සැරසී සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පෙරේදා (23) අත්අඩංගුවට ගත් පුද්ගලයා හසාල් මොහොමඩ් ෆයිසාල් නමැති කොළඹ 12, සෙබස්තියන් ස්ටේට්හි පදිංචි 30 හැවිරිදි අයෙකු බව හෙළිව තිබෙනවා.

ගුවන්තොටුපළ පිටවිමේ පර්යන්ත පිරිමි වැසිකිළියේ සිට බුර්කාවකින් සැරසී පිටතට පැමිණ ඇති මෙම පුද්ගලය සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත කාන්තා පොලිස් නිලධාරීන් යොදවා පරික්ෂා කිරීමේදී ඔහු පිරිමියෙකු බවට හදුනාගැනීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, කටාරයේ සිට පැමිණෙන තම පෙම්වතිය පුදුම කිරීම සදහා මෙසේ වෙස්වලාගත් බවයි ඔහු සදහන් කර ඇත්තේ.

පාකිස්ථානය, මැලේසියාව සහ මැදපෙරදිග රටවල් වල සිට මත් කුඩු, මත් පෙති, සහ නීති විරෝධී වන්ධ්‍යාකරණ ඖෂධ රැගෙන ආ කතුන් කිහිප දෙනෙකුම පසුගිය සමයේ අත්අඩංගුවට ගැණුනු අතර මෙම පුද්ගලයාත් එවැනි ජාවාරමකට සම්බන්ධදැයි සැක මතුව ඇත.

එමෙන්ම ISIS ත්‍රස්ත ජාලය ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මකව ඇති බවට විදේශීය බුද්ධි අංශද අනාවරණය කර ඇති අතර, පසුගියදා බංග්ලාදේශයේ සිදුවූ ප්‍රහාරයෙන් පසුව කටුනායක ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.

මෙම පුද්ගලයා රජයේ ඇමතිවරයෙකුගේද සමීප ඥාතියෙකු බවට හදුනාගෙන ඇති අතර වැඩි දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලීසිය සදහන් කරන්නේ. ඇමති මොහොමඩ් හලීම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු රන් බිස්කට් තොගයක් ගුද මාර්ගයේ සගවාගෙන එමින් සිටියදීද මීට පෙර ගුවන්තාටුපළේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

Related posts

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

colombotoday

බන්ධනාගාර‍යේ සිට දර්ශණපති උපාධියට (Mphil) සුදානම් වන බමුණුසිංහ.

Admin

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

colombotoday

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය වෙනස් වෙයි

Admin