Colombo Today Local News

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

gotabhaya r3

පසුගිය රජය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් දිවයින පුරා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළේ රජයේ මුදල්වලින් නොව ආරක්ෂක අමාත්‍යාංශය සතු විශේෂ ගිණුමකින් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මතුගම – බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙනේ පෙරේදා (12)පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු ත්‍රිවිධ හමුදා ශ්‍රමය එම පූජනීය ස්ථාන දියුණු කිරීමට යොදා ගන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දූන් බවත් ඒ අනුව රටේ සෑම තැනම පිහිටි පන්සල් 1000කට වඩා විවිධ කටයුතුවලට ත්‍රිවිධ හමුදාව යෙදවූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යංශයට විවිධ පිංවතුන් පරිත්‍යාග කරපු ප්‍රතිපාදන වලින් එම විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

ඥානසාර හිමි විනාශ කිරීමේ “සිවූරෙන් බෙල්ල කැපිල්ල” කුමන්ත්‍රණය එලියට

colombotoday

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

Admin

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday