Colombo Today Local News

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා පවසන්නේ එම වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බවට මේ වන විට නිර්දේශ කර ඇති බවය.

එබැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය සමන්ත ආනන්ද මහතා…..

“වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නිර්දේශිත එන්නත තමයි සයිනොෆාම් එන්නත. එම එන්නතේ අවශ්‍ය තරම් තොග ලැබෙන නිසා ෆයිසර් එන්නත ඒ කණ්ඩායමට වෙන් නොකර පාසල් දරුවන් සඳහා වෙන්කරලා. ඒ කාණ්ඩයට අවශ්‍යතාවයක් තිබෙනවානම් ෆයිසර් එන්නත වෙනුවට සයිනොෆාම් එන්නත ලබාදෙන්න කියන එක තමයි අපි ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා. ඒ වාගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් යන බව කියා සිටියා.“

Related posts

මරික්කාර්, මුජිබර්, සාලි මියන්මාර් තානාපති කාර්යාලය වටලා තග දමයි (Video)

colombotoday

ආසියා පැසිෆික් කළාපයේ හොදම මුදල් ඇමති රවී කරුණානායකලු

colombotoday

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday

NGO කුපිත වෙති.. ව්‍යවස්ථාව එපා කි නිහිමිවරුන්ව මාධ්‍ය හමුවේ බැණ වදිති (Video)

colombotoday

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin