Colombo Today Local News

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුවට පත් කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09)දින සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 05 අනුව එහි මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දී මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩූව සඳහා මාන්නප්පෙරුම මහතා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මානප්පෙරුම මහතාගේ නම සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (8)දින නිකුත් කෙරුණි.

Related posts

රාජපක්ෂලාගේ ඩුබායි ගිණුමේ තොරතුරු හොයාගත්තා.. දැන් හොදටම බයවෙලා – රාජිත

colombotoday

කෝටියක වන්දි මුදලක් නොදුනහොත් දරුවාගෙන් පළිගන්නවා කිවුවා.. ධම්මික කණට ගැසූ වෛද්‍යවරයා මාධ්‍ය හමුවක

colombotoday

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

Admin

කිරි තේ එකක මිල පහළට

Admin

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin