World

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

උතුරු මැසිඩෝනියාවේ ටෙටෝවෝ නගරයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ගින්නෙන් තවත් රෝගීන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව වාර්තා වේ.

මෙම ගින්න නිසා අහිමි වූ ජීවිත ප්‍රමාණය තවත් ඉහළ යා හැකි අතර රෝහල ගිනි ගනිද්දී එහි රෝගීන් කෙතරම් ප්‍රමාණයක් සිටියාද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍ය වෙන්කෝ පිලිප්ස් සඳහන් කර තිබේ.

ප්‍රතිකාර ලබමින් සිටි පසුව ගලවා ගත් පිරිස සඳහා තාවකාලික රෝහල් පහසුකම් ලබාදී තිබෙන බවට විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin

ප්‍රංශයේ කතෝලික පල්ලියක් තුල ඉස්ලාමය නාමයෙන් තිදෙනෙකුගේ බෙල්ල කපා මරා දමයි.

colombotoday

නයිජීරියාවට බොකෝ හරාම් ප්‍රහාරයක් – 30 ක් මරුට

colombotoday

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin

අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයි

Admin