Colombo Today Local News

පින්නවල රඳවා සිටි තවත් හීලෑ අලියෙකු මුල් හිමිකරුට මුදා හරි

පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවා සිටි තවත් හීලෑ අලියෙකු අද (09)දින උදෑසන මුල් හිමිකරුට මුදා හැරීමට පියවර ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය නීතිපතිවරයාගේ උපදෙස් හා වනජීවී අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයක් මත පදනම්ව අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව නඩු භාණ්ඩ ලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තිබූ හීලෑ අලි ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට මුදා හරින ලෙස නියෝග කෙරිණි.

මෙම නියෝගයට අනුව ගත වූ දින දෙකේ පින්නවල හා උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානවල සිටි හීලෑ අලි ඇතුන් කිහිපදෙනෙකු මුල් හිමිකරුවන්ට මුදා හැරීමට පියවර ගත්තේ ය.

Related posts

ඉස්ලාම් රාජ්‍යයක් හදන්න සිරියාවට ගිය දෙවන ලාංකිකයාත් මැරුම් කයි !

colombotoday

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin

මැතිසබේ කියුම් කෙරුම් එසැනින් රටට පෙන්වන්න අළුත් රූපවාහිනී නාළිකාවක් !

colombotoday

ලක්ෂ 10කට වැසිකිළි නෑ… වැසිකිළි හදන්න බිලියන 4ක් වෙන් කරයි… නඩත්තුව පුද්ගලික අංශයට

colombotoday

බිරිදට පෙම්බැදි මිතුරාව ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම

colombotoday

රාජිත, චම්පික සජිත් හමුවෙයි… සහයදීමට එකගයි !

colombotoday