Colombo Today Local News

දොස්තර සංගමය මහින්දට සුපර්මාකට් ගියා.. ඔවුන් හම්බවෙන්න බෑ මට වැඩ තියනවා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජී.එම්.ඕ.ඒ.) තමන්ගෙන් සාකච්ඡාවක්‌ ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා කෙරෙහි විශ්වාසයක්‌ නොමැති නිසා දැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේදී විමසා ඇත.

ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා හමු වී සාකච්ඡා කළ එම සංගමය තමන්ගෙන් ද සාකච්ඡාවට වේලාවක්‌ ඉල්ලා සිටින මුත් ඔවුන් තමා හමුවීම අවශ්‍ය නැතැයි ද ජනාධිපති හා සෞඛ්‍ය ඇමැතිවරයා හමු වී කළ සාකච්ඡා තමන් පිළිගන්නා බවද අගමැතිවරයා පවසා ඇත.

අය-වැය කාරක සභා අවස්‌ථාවේ විවාදය ඇරැඹීමට පෙර විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැතිවරයා එසේ පවසා ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් දෙදෙනකු ගැන මා කලින් ප්‍රකාශ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන මා කීවේ නෑ. ඒ අය මගෙන් සාකච්ඡාවට වේලාවක්‌ ඉල්ලනවා. මම වේලාවක්‌ නොදෙන බව ඔවුන් කියනවා. ඒත් ඒ සංගමය මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න යන මහත්වරුන් හමුවුණා. මට කාලය නාස්‌ති කරන්න බෑ. මට වැඩ ගොඩක්‌ තියෙනවා. ඒ අයට ජනාධිපති සහ සෞඛ්‍ය ඇමැතිවරයාව විශ්වාස නැතුව ඇති මාව හමුවන්න හදන්නේ.

වෛද්‍ය පාදෙනිය මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‌ෂකයා වූ වෙලාවේ විරුද්ධ වුණා. ඒත් වෛද්‍යවරුන් බහුතරයක්‌ මෛත්‍රීපාල පොදු අපේක්‌ෂකතුමාට කැමැති වුණා. පාදෙනිය මහතා ස්‌වාධීනව හිටියේත් නෑ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම දෙනා ඒකමතිකව යෝජනා ස්‌ථිර කරනවා නම් පාදෙනිය මහතා ස්‌වාධීනව සිටියා කියලා මම කී දේවල් ඉල්ලා අස්‌කර ගන්නම්.

හැබැයි හේරත් වෛද්‍යාචාර්යතුමාලා කඩේ ගියේ නැහැ කියමුකෝ. ඒත් මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවට ඔවුන් සුපර් මාර්කට්‌ ගියා යෑයිද අගමැතිවරයා පවසා ඇත.

– දිවයින

Related posts

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday

මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

colombotoday

තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේ

Admin

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday