Colombo Today Local News

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

අදාළ තහනම හේතුවෙන් යුරෝපා නිෂ්පාදන රැසකට වෙළෙඳපොළට ඇතුළුවීම වැළකී ගොස් ඇති බවයි එම සංගමය පෙන්වා දෙයි.

යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර පසුගියදා පැවැති ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමකදී එම ඉල්ලීම සිදුකළේය.

ගෝලීය වසංගතයේ බලපෑමත් සමග විදේශ විනිමය හිඟය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තාවකාලික තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රජය පසුගිය සැප්තැම්බර් මාසයේ පියවර ගත්තේය.

මේ අතර පසුගියදා පැවැති යුරෝපා සංගමයේ තවත් සාකච්ඡාවකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම අවම කිරීම සහ චෝදනා නොමැතිව එම පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයින් ඇප මත මුදාහැරීම සඳහා පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් සිදුකර ඇති බවට වාර්තා වේ.

Related posts

බෙදුම්වාදය නැවත නැගී එන බව පේනවා.. විග්නේෂ්වරන්ලා ඉන්න තැන දෙමළ මිනිස්සු නෑ

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

Admin