Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට වැඩ වරදියි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

හලාවත නගරයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදෙන බව පැවසෙන කාන්තාවකගෙන් එම කටයුත්ත දිගටම කර ගෙන යෑම සඳහා රු 15,000ක මුදල් පුද්ගලයින් දෙදෙනෙක් විසින් ඉල්ලා ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව එම කාන්තාව සිදුකළ පැමිණිල්ලක් මත කප්පම් මුදල ලබාදෙන අවස්ථාවේ දී අදාළ පුද්ගලයින් අත්අඩංගවට ගත් බවත් ඔවුන් දෙදෙනා යුද හමුදා සෙබළුන් බවට අනාවරණය වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මේ අතර පෙරේදා දිනයේ දී සීදුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඡාවාරම් සිදුකරන පුද්ගලයෙකු යැයි පැවසෙන පුද්ගලයෙකුගේ නිවසට පැමිණි පුද්ගලයෙක් විසින් රු80,000ක මුදලක් ඉල්ලා තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කරගෙන යෑම සඳහා එම මුදල් ඉල්ලා ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මීගමුව කොට්ඨාස විමර්ශන ඒකකය විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ද යුද හමුදා සෙබළෙක් බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සෙබළුන් තිදෙනා අද (22)දින හලාවත සහ මීගමුව අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවත් ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් හමුදා නීතිය යටතේ උපරිම දඬුවම් ලබාදෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

Related posts

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday

අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත ක්‍රියාත්මකයි.. කතානායක අත්සන් තබයි

colombotoday

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday

2030 වනවිට ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට තීරණයක්

Admin

“ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා”

colombotoday

“සිංහල ජනාවාස, බුදු පිළිම උතුරට එපා“ විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් 24 දා විරෝධතා තුනක්

colombotoday