Colombo Today Local News

IMF වාර්ෂික සමුළුවට සහභාගී වීමට මෙරට නියෝජිතයින් පිරිසක් කලබන මස වොෂින්ටනයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට මෙරට නියෝජිත පිරිසක් සහභාගී කරවීමට තීරණය කර තිබේ.

සමුළුව ලබන මස 10 වැනි දා සිට 16 වැනි දා දක්වා අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, තමන් ඇතුළු පිරිසක් සමුළුවට සහභාගි වන බවයි.

සමුළුවට මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් ද සහභාගි වීමට නියමිතව ඇති බවද ඔහු පැවසීය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සම්බන්ධ වැඩසටහන් හේතුවෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක්

Admin

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday

සුරා බදු බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මාට විරෝධයක්

Admin

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday

ඛනිජ තෙල් සේවකයින් බාධා කළොත් සේවයෙන් ඉවත්කරන්න – ඇමති කංචන කියයි

Admin

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

colombotoday