Colombo Today Local News

කාබනික පොහොර නිෂ්පාදනය සදහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට 7500ක්

දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මේ සඳහා එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 10 බැගින් මුදල් දෙන බවද අමාත්‍යවරයා කියයි.

ගොවීන්ට අවශ්‍ය කාබනික නයිට්‍රජන් සහ පොටෑසියම් මේ වනවිටත් ආනයනය කර ඇති බව කී අමාත්‍යවරයා සෑම ගොවියකුටම එම පොහොර නොමිලේ ලබාදෙන බවද සඳහන් කළේය.

දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට මේ මස 15 වැනිදාට පෙර රුපියල් 7500ක මූලික මුදල් ගෙවා අවසන් කළයුතු බවටද අමාත්‍යවරයා ගොවිජන නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වී ගොවිතැන සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවල මෙහෙයවීමෙන් නිෂ්පාදනය කර ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

දිවයින පුරා කළ මෙහෙයුමේ දී තවත් පුද්ගලයින් 2,296ක් අත්අඩංගුවට

Admin

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

ශ්‍රීලනීප ආණ්ඩුවකට ජනාධිපති එකඟයි.. ඒකාබද්ධයට දුන් පොරොන්දුව මෙන්න

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

රථවාහන හැසිරවීමේ රාජකාරියට යුද හමුදාව කැදවයි !

colombotoday

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin