Colombo Today Local News

“ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි. වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’

කොවිඩ් පාලනය කිරීම සහ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඩ් අර්බුදය හමුවේ මෙරට සෑම පුරවැසියෙක් සහ ආයතනයක්ම වගකීමෙන් කටයුතු නොකළොහොත් රට දැවැන්ත විනාශයකට ගමන් කරනු ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නිරෝධායන ඇදිරිනීතිය යලි දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්වය අධ්‍යයනය කිරීමෙන් පසුව බවත් මහජනතාවගේ සංචරණයන් සීමා කිරීම සදහා අදාල ආයතන නිවැරදිව සිය යුතුකම් ඉටු කළ යුතු බවත් හේමන්ත හේරත් මහතා කීවේය.

ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි වුවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කරමින් වසංගතය පාලනය කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

Related posts

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

අමෙරිකානු පුරවැසිකම අත්හැරීම: ලියකියැවිලි ප්‍රසිද්ධ කරන්න ගෝඨා සැරසෙයි

colombotoday

CSN අත්හිටවුවායැයි අපි දන්නේ නෑ – ඒ නිසා දිගටම විකාශන කටයුතු සිදු කරනවා – රොහාන් වැලිවිට

colombotoday

යළි වැසි වැඩි වන ලකුණු

colombotoday

වෑන් රථයක් පෙරළී කතක් මරුට – 10කට තුවාල

Admin