Colombo Today Local News

හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ ‘හොරෙන්ම’ මුදා හරින්න යහපාලන ප්‍රබල ඇමතිගෙන් රේගුවට නියෝග

regu prado

රේගු වංචා නිසා රඳවා තබාගෙන සිටින ප්‍රාඩෝ ජීප් රථ 403 ක්‌ (TRJ150) රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ නියෝගය මත දඩ මුදලක්‌ද අය නොකර ආනයනකරුවන්ට මුදාහැරීමට රේගුව කටයුතු කරන බව රේගු ඒකාබද්ධ වෘත්තිSය සමිති සන්ධානය චෝදනා කර සිටී.

මේ නිසා රජයට අහිමිවන මුදල රුපියල් කෝටි 322 ක්‌ බව පවසන එම සන්ධානය මේ පිළිබඳ ජනාධිපතිවරයාට ලිතව පැමිණිලි කිරීමට තීරණය කළ බවද ප්‍රකාශ කළේය.

ආනයනය කරන ලද මෙම ප්‍රාඩෝ රථ 403 රේගුවේ නීතිරීති වලට පටහැනිව ගෙන්වීම නිසා රඳවා තබාගෙන සිටින බවද සන්ධානය ප්‍රකාශ කළේය. මෙම වාහන මුදාහැරීම සඳහා දඩ මුදලක්‌ ගෙවිය යුතු මුත් රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ නියෝගය මත මෙම වාහන අතිරේක තීරු බද්දක්‌ පමණක්‌ ගෙවා …

මුදාහැරීමට තීරණය කර ඇතැයිද රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

මෙම එක්‌ වාහනයක්‌ සඳහා රුපියල් ලක්‍ෂ අසූවක මුදලක්‌ අයවිය යුතු මුත් මෙසේ මුදාහැරීම නිසා එම මුදල රජයට අහිමිවන බවද වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටී.

 අජිත් අලහකෝන්

-Divaina

Related posts

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා.

colombotoday

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

colombotoday

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday

ප්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday

මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්

colombotoday