Colombo Today Local News

කිලෝව රු42 ගානේ වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූහත්දාහක් ඉන්දියාවට පටවයි

p harrison

වී අලෙවි මණ්ඩලය සතු වී තොග මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූහත්දාහසක් ඉන්දීය සමාගමකට අලෙවි කිරිමට තීරණය කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. ඒ අනුව අදාල වී තොගය අලෙවි කිරීම අදසිට ආරම්භ වන බවයි අමාත්‍ය වරයා සදහන් කරන්නේ.

වී අලෙවි කිරීම සදහා ටෙන්ඩර් කැදවූවද ඒ සදහා දේශීය ගැනුම්කරුවන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 42ට ද සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 52ට ද අලෙවි කිරීමට නියමිත අතර එලෙස ඉන්දීය සමාගමකට වී අලෙවි කිරීමෙන් කිසිදු අවස්ථාවක මෙරට වී හිගයක් ඇති නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Related posts

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

colombotoday

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

colombotoday

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

colombotoday