Colombo Today Local News

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව පවසමින් ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් පානදුර උතුර පොලිසියට බාරදීමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, ගොරකාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු උණ්ඩ සහිත මැගසීනය රැගෙන පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මැගසීනය ගෝල්ෆේස් අරගල භූමියේ රාජකාරි නියුතුව සිටි ආරක්ෂක අංශ සාමාජිකයකුගේ ගිනිඅවියකට අයත් එකක් බවට අනුමාන කරන බවත්, අරගල භූමියේ වැටී තිබී හමුවූ බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් සදහන් වේ.

කෙසේවුවද සැකකරුට එම උණ්ඩ සහිත මැගසීනය ලැබුන ආකාරය සහ කිසියම් අපරාධයක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් සදහන් කර සිටී.

Related posts

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

colombotoday

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin