Colombo Today Local News

මෙගා ඩීල් චෝදනා අහෝසියි.. සජින් වාස් දැන් යහපාලනයේත් කෙරුමෙක්!

sachin d was

පසුගිය රජයේ අමාත්‍ය ධුරයක් දැරූ සහ එවකට විපක්‍ෂයේ සිටි එජාපයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ සජින් වාස් ගුණවර්ධන මහතා වත්මන් යහපාලන රජයේ ඉහළම ප්‍රබලයෙකුගේ සොහොයුරෙකු සමග හවුලේ මහා පරිමාන ව්‍යාපාර කටයුත්තකට අතගසා ඇති බව වාර්තා වනවා.

පසුගිය රජයේ ඉහළම තැන් සමග සමීප සබදතා පැවැත්වූ කෙරුමෙකු ලෙස සැළකුණු, එවක රජය යටතේ සිදුවුණා යැයි කියන දූෂණවලට වගකිය යුතු අංක එකේ ‘මෙගා ඩීල්කරුවෙකු’යැයි විපක්ෂ මන්ත්‍රීවරු අතින් චෝදනාවට ලක් වූ සජින් වාස් ගුණවර්ධන මහතා වත්මන් යහපාලන යටතේද සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීම දැන් අරඹා ඇතැයිද පැවසේ.

යහපාලන රජයෙන් කිසියම් කටයුත්තක් කර ගැනීමට අවශ්‍යයනම් සජින් වාස් හමුවිය යුතුයැයි දේශපාලන පොර පිටියේ මේවනවිට රාවයක් පැතිර යමින් පවතින අතර පසුගිය කාලයේදී සජින් වාස් මහතාව විවේචනය කල එජාප මැති ඇමතිවරු මේම සම්බන්ධතාවය හේතුවෙන් ඉතා නිහඩ පිළිවෙතක් අනුගමනය කරනබවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

ජාතික ගුවන්විදුලියේ දෙමළ සේවය ISIS ප්‍රචාරක මධ්‍යස්ථානයක්…. පාලනාධිකාරියට ලොකු ලොකු ගෙවීම්…

colombotoday

“අපි හැප්පුවේ නෑ, ඇවිත් හැප්පුනා.. අධිබල යතුරුපැදි භාවිතය තහනම් කළ යුතුයි” – ඇමති චම්පික

colombotoday

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු.

colombotoday

ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්… : ලියාපදිංචි වෙන හැටි මෙන්න

Admin