Colombo Today Local News

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

gammanpilaපිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

සිර ගෙදර ජීවිතය

ආණ්ඩුවේ හෝටලයේ දින 13ක විවේකයක් ලබා ගැනීමට පුළුවන් වීම පිලිබදව මම සතුටු වෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ බඩ නම් බැහැලා, සුදුවෙලා, නිවාඩුව නම් හොදින් ගත කල බවයි පෙන්නේ කියලා. මම නම් දන්නේ නෑ මේ කියන කතා. මට සතපහක වියදමක් ගියේ නෑ. කෑම බීම නවාතැන් පමණක් නෙවෙයි ප්‍රවාහනය සහ ජිවිතයේ නොතිබුණු ආරක්ෂාවක් මට ලැබුණා. තමුන්නාසේලා දකින්න ඇති. මම පාර්ලිමේන්තුවට වෙනදා යන්නේ මගේ රියදුරා සමග මට කාර් එක වෙනුවට බස් එකක්ම දීලා තිබුණා. මාගේ ආරක්ෂාවට අවි රුගත් නිලධාරින් පස් දෙනෙක් හිටියා. මාව සුවිශේෂි ලෙස සති දෙකක් බලා ගත්තට සමස්ථ ආණ්ඩුවටම බොහෝම පින් කියලා කියනවා.

හිරගෙදර ගෙවපු ඒ දින 13 මගේ ජිවිතයට අද්දැකීම් රාශියක් එකතු වුණ විදිහටයි මම දකින්නේ. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලින් උපාධිය ලබා ගත්තත්, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වුණත් මට ලබා ගැනිමට නොහැකි වුණු මහා දැනුම් සම්භාරයක් ජිවිතය නැමැති විශ්වවිද්‍යාලයේ අත්දැකීම් නැමැති උපාධියට ගෞරව සමාර්ථයන් තියෙන පිරිසකගෙන් ලබා ගන්න පුළුවන් වුණා. සිර ගෙදරදි මට හමුවුණු 99%ක්ම මත්ද්‍රව්‍ය වලට සැකකරුවන් සහ වැරදිකරුවන්. 57ත් දෙනෙක් හමුවුණා කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්දයෙන් සැකකරුවන්. ගෝඨභය රාජපක්ෂ මහතාට බෝම්බය තැබු අය ඇතුළු විශාල පිරිසක් හමුවුණා. ක්‍රොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරන අය ඔවුන් ඒවට පෙළබුනේ ඇයි ? ඔවුන් ලෝකය සමාජය පිළිබද දකින්නේ කොහොමද යන වග අලුත්මානයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා.

මේ ලැබුනු විවේකය ප්‍රයෝජනයට අරගෙන මට ලොකු අශාවක් තියෙනවා පොතක් ලියලා පළ කරන්න. දැන් ලියලා තියෙන්නේ තිරු ලිපි එකතුවක් විතරයි. හැමදාව ජිවිතය කාර්යබහුල නිසා පොතක් ලියන්න වෙලාවක් නෑ. මාස තුනක් විතර ඇතුලේ තියාවි කියන සුබවාදි බලාපොරොත්තුව ඇතුව පොත් එකක් නෙවෙයි තුනක් ලියන්න පටන් ගත්තා. අවසනාවකට මැත කාලයේ අඩුව කාලයකින් එළියට දාපු දේශපාලකයා වෙන්න මට පුළුවන් වුණා. මම ඇතුලේ හිටියේ දින 13යි මිට කලින් ඒ වාර්තාව තිබුණේ ජොන්ස්ටන් මන්ත්‍රිතුමාට ඒ දින 29කි. මම පා ච රණවක ඇමතිතුමන් ගැන පොතක් ලියනවා කියන එක මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා මාව එළියට දාන්න හේතුවක් වුනාද කියන්න මම දන්නේ නෑ. එළියට ඇවිල්ලා ගත වුණ දවස් 5තුළ නම් පොත අල්ලන්න හම්බවුණේ නෑ කියන එක ඉතා කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කරන්න ඔනේ.

කොටි සංවිධානයේ සැකකරුවන් 115ක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීම

කොටි සංවිධානයේ සැකකරුවන් විශේෂ අවසරක් බන්ධනාගාර නිළධාරින්ගෙන් අරගෙන මාව බලන්න අවා. මේ අය ඉල්ලිමක් කරා අපි හමුවෙන්න එන දෙමළ නායකයින් නම් කියන්නේ අපි නිදහස් කරනවාට ඔබතුමා තමයි ප්‍රබලම විරෝධය පලකරන්නේ කියලා. රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවා එන් මහේන්දිරම් කියලා කොටි සැකකරුවෙක් අවුරුදු 23ක් රක්ෂිත බන්ධනාගාරයේ නීතිපතිගේ අකාරක්ෂම භාවය නිසා. දිර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටින කොටි සැකකරුවන්ගේ අවනඩුවක් තියෙනවා. කොටි සංවිධානයේ නායකයින් නිදහස් වෙලා අද සමාන්‍ය ජිවිත ගත කරනවා. එම නායකයින්ගේ උපදෙස් අනුව තොරතුරක් දුන්න, බෝම්බයක් යම් තැනකින් තවත් තැනකට ප්‍රවාහන කරපු අය අවුරුදු ගණන් රක්ෂිත බන්ධනාගාරයේ දුක් විදිනවා. මේක මහ අසාධාරණයක් විදිහටයි ඔවුන් පෙන්වා දුන්නේ. ඔවුන් ඉල්ලීමක් කලා මේ පිළිබද සධාරණයක් ඉටු කරන්න කියලා. ඒ අයට මම කිව්වේ ඔබ නිදහස් කරනවට මම විරුද්ධ වුණු බව නම් ඇත්තයි. එයට සධාරණ හේතුවක් තියෙනවා. දෙවන ලෝක යුද්ධය අවසන් වුනාම ශ්‍රි ලංකාව හිටිය ස්ථාවරය වුණේ අපේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා නහිවේරේන වේරානි කියන ගාථාවත් සැන්ෆැන්සිස්කෝ සමුළුවේදී කියලා එතුමා කියුවේ Forgive But Not Forget අපි සමාව දෙමු හැබැයි මෙවැනි වරදක් ලෝකයට සිදුවුණු බව අමතක නොකර ඉමු. ඒ ප්‍රකාශය මිය ගිය යුධ භටයන්ගේ සොහොන් වල Forgive But Not Forget සුප්‍රකට වදනක් විදිහට ලෝකය පුරාව භාවිතා කෙරුණා. අපිත් හිටියේ ඒ ස්ථාවරයේ ඒ නිසා තමයි කොටි සංවිධානයේ ආයුධ සමග අත්අඩංගුවට ගත්ත කොටි සමාජිකයන් 12000කට පමණ සමාව දීලා, පුනරුත්තාපනය කරලා, වෘත්තිය පුහුනුව දීලා, තැගි සමග ඒ අය ගෙදර යැවුවේ. එහෙම කරපු අපිය 115 මහ ලොකු ගාණක් නෙවෙයි. හැබැයි මේ කාරණය දෙපාර්ෂවයට අදාල වෙන්න ඔනේ. ආණ්ඩුව කොටි ත්‍රස්වාදයට සම්බන්ද අය නිදහස් කරද්දි රණවිරුවන් අත්අඩංගුවට ගෙන දඩුවම් කරන්න බෑ. ආණ්ඩු එහෙම වෙලා තියෙන්නේ දෙමළ ජාතික සංවිධානය හා බෙදුම්වාදි සංවිධාන යුධ අපරාධ චෝදනා නගමින් රණවිරුවන් දඩයම් කරන නිසයි. ඒ නිසා අපි ඒ අයට පැහැදිලි කරා සමාව දී අතිතය අවසන් කිරිම අපේ ප්‍රතිපත්තියි. නමුත් එයට ඉඩ නොදෙන්නේ දෙමළ ජාතික සංවිධානය ඇතුළු දෙමළ බෙදුම්වාදි සංවිධානයි. ඔවුන් රණවිරුවන් ඉලක්ක කරගෙන යද්දි අපි කොහොම ඔබට සමාව දෙන්නේ. මම ඇහුවා ඔබ නිදහස් කර හමුදාව අතුලට දාන එක සධාරණද කියලා. එතකොට ඒ අයගේ අදහස වුණේ ඒක අසාධාරනයි කියලා. කරන දෙයක් සධාරණ විය යුතුයි කියලා. ඔබලා ත්‍රස්තවාදින් ඒ අය රටේ නිල හමුදාව ඔබලාට දඩුවම් කලත් ඒ අයට දඩුවම් කරන්න බැ නේද කියලා ඒ අයගෙන්ම ඇහුවා ඔවුන් ඒක පිලිගත්තා. එහෙනම් ප්‍රශ්නය තියෙන්නේ අපි ගාව නෙවෙයි ඔබේ නායකයින් ගාව. ඔබව බලන්න එන නායකයින්ට කියන්න මේ රණවිරු දඩයම නවත්වන්න එයයි අපිට එළියට එන්න බැරි බධාව කියලා පහදලා දෙන්න කියලා.

මහ බැංකුවට හොටු ගෑනි දීලා කැහි ගෑනි ගැනීම

අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කර ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක්. විපක්ෂයේ සිටියත් රටට ජයග්‍රහණ ගේන්න පුළුවන්.

හොටු ගෑනි දීලා කැහි ගෑනි ගැනීම වගේ වැඩක් මහ බැංකුවට සිදු වුණේ. හැමෝම කතා කරන්නේ නව මහ බැංකු අධිපතිගේ අධ්‍යාපනික සුදුසුකම් සහ පලපුරුද්ද. නමුත් තනතුරක් ලබා දීමේ දී හැකියාව, අවංකභාවය සහ පක්ෂපාතිත්වය යන තුනම බලන්න ඕනෑ. ඉංග්‍රිසියෙන් කියනවා නම් capacity, integrity and loyalty.

හැකියාව පිලිබඳ අපට ප්‍රශ්නයක් නෑ. නමුත් අවංකභාවය පිලිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. පක්ෂපාතිත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඇමෙරිකාවේ ගැලීයන් අරමුදලේ ප්‍රධානි රාජ් රාජරත්නම් අද වසර 11ක සිර දඬුවමක් විඳින්නේ තමන් දන්නා අභ්‍යන්තර තොරතුරු වාසිදායක ගනුදෙනුවක් සඳහා යොදවා ගත්තා කියන වරදටයි. ඒ වරද සිදු වන සමයේ ගැලීයන් අරමුදලේ උපදේශකයෙකු වගේම එහි පාලිත සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ට එල්ල වුණු චෝදනාව වුණේ අභ්‍යන්තර තොරතුරු සිය බෑනාගේ සමාගමේ වාසියට යොදා ගත්තා කියන එකයි. කුමාරස්වාමි මහතාට සෘජුවම චෝදනා එල්ල වුණේ නැතත් ඔහු වැරදි වෙලාවේ වැරදි තැන ඉඳලා තිබෙනවා.

පක්ෂපාතිත්වය පිළිබඳ ගැටළුව මතු වන්නේ රාජ් රාජරත්නම් හරහා. රාජ් කොටි සංවිධානයේ ප්‍රමුඛතම ආධාරකරුවෙක්. අර්ජුන් මහේන්ද්‍රන් රාජ්ගේ සමීප මිතුරෙක්. කුමාරස්වාමි රාජ්ගේ සේවකයෙක්. කොටි අරමුදල් ජාලයෙන් මිදිලා අපේ ආර්ථිකය හැසිරවීමට කෙනෙකු සොයා ගැනීමට බැරි තරමට මේ ආණ්ඩුවේ කොටි අරමුදල් වල හිර වෙලා ද කියන ප්‍රශ්නය මතු වෙනවා.

මහ බැංකු අධිපතිතුමා තනතුරට පත්වෙන්නේ වසර 6කට එතුමගේ දැන් වයස අවුරුදු 66යි. මේ ඇදවැටිලා කියන තනතුර ගොඩ ගන්න එන පුද්ගලයාගේ වයස අවුරුදු 66 සිට 72 දක්වා තමයි මේ තනතුර දරන්නේ. අපි දන්නවා රජයේ සේවයෙක් වයස අවුරුදු 60න් විශ්‍රම ලබනවා. ඒ ඊට පසු කායික මානසික හැකියාවක් නෑ ලොකු පිඩනයක් දරන්න නමුත් මහබැංකු අධිපති ලෙස පත්වන පුද්ගලයාගේ වයස අවුරුදු 66ක්. සමානය ආර්ථිකයක නම් ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන් නමුත් ආණ්ඩුවම කියනවා මේ ආර්ථිකය ඉතිහාසයේ නොවු අර්බුදයක තියෙන්නේ කියලා. එහෙනම් මෙතරම් වයසක කෙනෙක්ට ආර්ථිකය ගොඩදැමීම ලබා දීම කෙතරම් බුද්ධිමත් ක්‍රියාවක් ද? එසේ කළ හැකිනම් අනිත් රාජ්‍ය සේවකයොත් 55න් 60න් ගෙදර යවන්නේ නැතුව ඒ අයටත් 72 දක්වා රුකියාව කිරිමේ වරම ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ජාතික හෙළ උරුමයේ චෝදනා වලට ගම්මන්පිල පිළිතුරු දෙයි

මම 1996 සිට 1999 මුල දක්වා ඔස්ට්‍රේලියා ලංකා සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කලා. ඩෙල්ට කොන්සොලිඩේටඩ් සමාගම යනු දක්වා ඔස්ට්‍රේලියා ලංකා සමූහ ව්‍යාපරයේ පැවති තවත් එක් සමාගමක්.

එකල ප්‍රධාන විධායක නිලධාරියා විදිහට රුපියල් ලක්ෂයට වඩා වැඩි චෙක්පත් අත්සන් තැබීමේදී ඉන් එක් අත්සනක් තබන්නේ මම. ඩෙල්ට සමාගමට වෙනත් සමාගමකට මුදල් ගෙවන්න තිබූ මුදල්වලට ඔවුන්ට මුදල් නැතිවුනාම ගෙවන්න ඔවුන්ගේ ගණකාධිකාරී විසින් ගිණුමේ සල්ලි තියෙන බවට තමුන්ගේ ලේඛණවල කරුණු විකෘති කිරීමක් සිදුකරා. මොකද මම චෙක්පත අත්සන් තබන්නෑ ගිනුමේ සල්ලි නැතිනම්. එලෙස ඩෙල්ට සමාගම විසින් ගිණුමේ මුදල් ඇතිබව පෙන්වමින් මට මතක විදිහට චෙක්පත් දෙකකට මගෙන් අත්තසන ලබාගෙන ඉදිරිපත් කලා. ඒක බැංකුවට දැම්මම අගරු වුනා.

ඒ අගරුවීම සම්බන්ධයෙන් පොලීසියට ඒ චෙක්පත් ලබාගත් සමාගම විසින් පැමිණිලි කලාම මාවත් එම සමාගමේ අධ්‍යක්ෂකවරයාත් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට ඇප මත නිදහස් කලා. නමුත් පරීක්ෂණ කටයුතුවලදී අණාවරණය වුනා තොරතුරු වසන් කොට මේ සදහා මගේ අත්සන ලබාගත් බව. ඒ අනුව මාව ඒ නඩුවෙන් නීතිපතිවරයා විසින් ඉවත්කරනු ලැබුවා.

දැන් ජාතික හෙළ උරුමය චෝදනාව නගපු කෑල්ල කියනව. නඩුව ඊටප්සසෙ මොකද වුනේ. මට විරුද්ධව නඩු පවරන්නවත් සාක්ෂි නැතුව මට පටලවපු නඩුවක් විදිහට සලකල මා මේ නඩුවෙන් ඉවත්කලා. මා හිතනව මේ දැන් ගොනුකරල තියෙන නඩුවෙනුත් අවසන සිදුවන්නේ ඒකමයි.

ඊට අමතරව මේ අය ඉතාම ලැජ්ජ නැතුව කියනවා මගේ බිරිදත් දරුවනුත් ජීවත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ කියල. පසුගිය දෙසැම්බර් 4 වෙනතුරුත් මගේ බිරිද සහ දරුවන් හිටියේ ලංකාවේ. අද මාස 6කට අධික කාලයක් මම ජීවත්වෙන්නේ තනියම. ඇයි මට එහෙම උනේ. ඒකට හේතුවත් ඔය චෝදනාව නගණ අයම කල දේවල්මයි. මගේ ලොකු පුතා මෙනින්ජයිටිස් නමින් හැදින්වෙන මොලේ ආබාධයකින් පීඩා විදින 12 හැවිරිදි දරුවෙක්. ගිය වසරේ තෛයිපොංගල් දිනයේ දරුවන් ‍දෙදෙනා තනිවම ගෙදර සිටින අවස්ථාවේ ගේ වටකර ජාතික හෙළ උරුමය උද්ඝෝෂනයක් කලා. මේ නිසා බියට පත් මගේ දරුවන්ගේ මානසික තත්වය තවත් දුර්වල උනා. ඒ විතරත් නෙවෙයි මගේ බිරිදට දුරකනයෙන් තර්ජන ආවා සැමියා සමග ලංකාව අත්හැර ගියේ නැත්නම් දරුවන් මරා දමන බවට. මේ ගැන අපි මාධ්‍ය ඉදිරියේ කිව්වා. 2015 ජනවාරි 13 වෙනිදා බොරුල්ල පොලීසියට පැමිණිලි කලා. අද වෙනතුරුත් මේ පැමිණිලි විභාග කර නෑ. මට මතකයි මාධ්‍ය වලින් ලොකු සහයක් දුන්න ඒ අංක මාධ්‍යවල පල කරමින්. එක් දුරකථන අංකයක් අයිති පුද්ගලයෙක් පොලිසිය සොයාගත්තත් අනික් ඒවා පිලිබදව අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක නැහැ. නමුත් නීතිපතිවරයා පසුගිය ජූනි මාසෙ 17 වෙනිදා මාව අත්අඩංගුවට ගන්න කියන කාරනය ගැන පැය 24න් උපදෙස් දෙන්න තරම් කාර්යක්ෂම වුනා. ඉන්පසු දිගින් දිගටම මා අත්අංගුවට ගන්නා බවට මාධ්‍ය වාර්ථා පලවුනා. මගේ බිරිදව මගේ අත්සන්ක් පිලිබද ප්‍රකාශයක් සටහන් කරගන්න පොලීසියට පැමිනෙන්න කියනවා. නමුත් ඇය යන්නත් කලින් ඇතැම් පුවත්පත්වල ලොකු පොල්ගෙඩි අකුරින් පලකරනවා මූල්‍ය වංචාවක් පිලිබද ගම්මන්පිලගේ බිරිදගෙන් අද ප්‍රශ්න කෙරේ කියල. බිරිදගෙන් ප්‍රශ්න කලාට පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හමුවක් තියල කියනවා ගම්මන්පිලගේ බිරිදගෙන් පැය තුනහමාරක් මුල්‍යවංචාවක් පිලිබද ප්‍රශ්න කලා කියල.

අපි අපේ දරුවන්ට පුවත්පත් රූපවාහිනී බලනන්න ඉඩ දුන් නෑ. මොකද මගේ දරුවන්ට මේක දරාගන්න බැරි නිසා. ඒත් මගේ දරුවන් පුවත්පත්, රූපවාහිනී බලන එක නතර කලත් පාසලේ අනික් දරුවන් එය බලන එක අපිට නතර කරන්න බෑ. එසේ බලල උබලෑ අම්ම හොරකමක් කරලළු නේද කියල අහන කොට මගේ දරුවන්ට ඇතිවෙන පීඩනය අපිට පාලනය කරන්න බෑ.

පුවත්පත් රූපවාහිනී බලන්න දරුවන්ට ඉඩ නොදීමේන් ප්‍රතිථලයක් නොමැති විට අවසානයේ වෛද්‍යවරුන් කිව්වේ මේ දරුවන් රටින් එලියට ගන්න කියලයි. මම මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කල නිසා මගේ ගෝලයන් ඉන්නව තමන්ටම කියල පරිගණක මෘදුකාංග නිපදවන සමාගම් පවා හිමි. ඒ නිසා මගේ බිරිදට එවැනි සමාගමක රුකියාවක නියලෙනවා.

මම දේශපාලනය කරමින් හිරේ වැටෙන්න ගුටිකන්න අපහාස විදින්න සියල්ලටම සූදානම්. මගේ පුංචි දරුවන් මේ දේශපාලනයේ හයක් හතරක් දන්නේ නෑ. මගේ බිරිද සහ දරුවන් ඔස්ට්‍රේලියාවෙ ඉන්නව කියන කෙනා තමයි ඒ උද්ඝෝෂණයට නායකත්වය දුන්නේ.

මගේ වගකීම් මගේ බිරිදට දරුවන්ට ආරක්ෂාව සපයන එක. ඒ නිසා බිරිද දරුවන් සමග ඕස්ට්‍රේලියාවෙ තමයි ඉන්නනේ. එත් අද වන විට මගේ දුරකථන බිල්පත් පරීක්ෂා කරමින් ඇගේ දුරකථන අංකය හොයාගෙන ඇය එහි ජීවත්වන නිවසට පවා පිරිස් එවන්න පටන් ගත්තා. ඒ නිසා ඇයට ඉන්න ගෙවල් මාරුකරන්න දුරකථන අංක මාරුකරන්න පවා සිදු වුනා. ඉතින් ඒවා කරන අයම අහනව ඇයි මේ බිරිදයි දරුවනුයි පිටරට කියලා.

අරවින්ද අතුකෝරල

Related posts

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

colombotoday

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

colombotoday

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday