Colombo Today Local News

රේගුවේ මහා පරිමාණ බදු වංචාවක්.රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණයවේ

2013-2016 වර්ෂවල මෙරටට “පාම් ඔයිල්” ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6,130 ක් අහිමිව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක ( HS Code ) යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරවි කර තිබේ.

ඊයේ (03)දින පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම තොරතුරු හෙළිවිය.

2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන, ද්විත්ව-කාර්ය වාහන (Dual purpose) ලෙස ලියාපදිංචි කිරීම නිසා බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220ක් ද රජයට අහිමිවී ඇත.

ඊට අමතරව, 2010-2019 දක්වා කාලයෙහි විශේෂිත වෑන් රථ 443 ක් සඳහා මිලියන 3 බැගින් බදු නියමකර අවම වශයෙන් රු.මි. 1300 ක මුදලක් රජයට අයකර ගත හැකිව තිබූ බවද මෙහිදී අනාවරණය වී තිබේ.

එමෙන්ම 2010 සිට 2014 දක්වා, වෑන් 10 ක් සහ ලොරි 414 ක් විශේෂිත කාර්යය වාහන ලෙස ආනයනයෙන් තවත් විශාල රේගු බදු අක්‍රමිකතාවක් සිදුව ඇති බව විගණනයෙන් පෙන්වා දී තිබේ.

එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලුම් හයක් බටහිර ඖෂධ ලෙස ප්‍රකාශ කර වංචා සහගතව නිදහස් කරගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට ප්‍රමාණවත් දඬුවම් ලබාදීමටද කටයුතු නොකිරීමද මෙහිදී අනාවරණය වී ඇත.

ආනයන සහ අපනයන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා එවැනි වංචා සිදුවන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

Related posts

“හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමටනම් ගමේ බලයත් එජාපයට දිය යුතුයි” – අගමැති

colombotoday

විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කරයි.

Admin

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

colombotoday

ෆොන්සේකාට ඉහළ තනතුරක්.. විජේදාස පක්ෂයෙන් ඉවතට.. 8 වැනිදා තීරණාත්මකයි !

colombotoday

උතුරේ සේවා වලටත් බාධා

colombotoday

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වු සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවේ

colombotoday