Colombo Today Local News

ඇති තරම් ආධාර දෙන්න ඇමරිකාව තීරණය කරලා.. එමගින් රටේ සංවර්ධනය වේගවත් කරනවා – සජිත්

වර්තමානය වනවිට ඇමෙරිකාව රටට අවශ්‍ය ආධාර ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් එමගින් රටේ සංවර්ධන කටයුතු තව තවත් වේගවත්ව කිරීමට යහපාලන රජය කටයුතු කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“රටේ සංවර්ධනයට ආධාර කරන්න දැන් ඇමෙරිකාව තීරණය කරලා. ඇමෙරිකාව වගේ ලෝක බලවත් රාජ්‍ය අපට දැන් ආධාර ලබා දෙනවා. පසුගිය රජය සම්බන්ධකම් ඇතිකරගෙන තිබුණේ රුවන්ඩාව, බුරුන්ඩාව, සෝමාලියාව, උගන්ඩාව, සිම්බාබ්වේ වගේ රටවල් සමගයි. ඒ රටවල් වලින් අපිට වැදගත් ප්‍රයෝජන ගන්න බැහැ.

බිසෝවරු හැටක් පමණ ඉන්න ස්වාසිලන්තයේ රජ්ජුරුවෝ අපේ රටට ආවා. එවැනි රටවල් තමයි එදා රාජපක්ෂ පාලන කාලය ළං කර ගත්තේ. අද අපේ රටේ නිවාස ක්ෂේත්‍රය, විශාල සංවර්ධනයක් කරන්න මාගේ අමාත්‍යාංශය කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා පැවැසීය.

තිස්සමහාරාම බෝගහපැළැස්ස, ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඇමතිවරයා මෙසේ පැවසීය.

Related posts

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතුයි.

colombotoday

අරුග්ගොඩ සලිදුගේ කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

colombotoday