Colombo Today Local News

ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000ක් කටුනායකට රැගෙන එයි

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් අද (19)දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන ආ එන්නත් තොගය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙරටට රැගෙනවිත් තිබේ.

ඒ අනුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇත.

මෙම ස්පුට්නික් – V කොවිඩ් මර්දන එන්නත් තොගය මහනුවර ප්‍රදේශයේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ජනතාව වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.

Related posts

රට බල්ලන් ගෙට දමා, හැදූ පියා බලු කූඩුවට දැමූ නරුම දුවක් දැන් පොලිස් කූඩුවේ

colombotoday

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

පොහොට්ටුවේ ඇමැති ධුර දහය ගන්න හතළිහක් පෝලිමේ

colombotoday

වත්තල ගබඩාවකට රිංගා ලක්ෂ 10ට අධික භාණ්ඩ සොරා ගත් අයෙක් දැලේ…

Admin

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday