Colombo Today Local News

කොරෝනා නීති නොතකා යාපනයේ පූජාවන් පැවැත්වූ කෝවිල් 2ක් සීල් තියයි | දෙවියන් පුදන්න දහස් ගණනක් ගගේ ගිලී නාලා

යාපනය පේදුරුදුඩුව ප්‍රදේශයේ හින්දු කෝවිල් දෙකක භාරකාර මණ්ඩලයන් විසින් නිරෝධානය නීති උල්ලංඝනය කරමින් පූජාවන් පැවත්වීම හේතුවෙන් ඊයේ(08) සිට දින 14 ක කාලයක් වසා තැබීමට පේදුරුතුඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.

පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මුණියප්පර් සහ සිවන් හින්දු කෝවිල්හි වාර්ෂික දේව පූජාවන් සඳහා විශාල පිරිසක් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකරමින් සහභාගී වී තිබේ.

මේ පිළිබඳව සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි ලැබීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් අදාල කෝවිල් දින 14 ක කාලයකට මුද්‍ර තැබූ අතර කොවිල් භාරකාර මණ්ඩලයන්ටද නිරෝධායනය වන ලෙසට දැනුම් දී ඇත.

පේදුරුතුඩුව ප්‍රදේශයේ දැඩි කොරෝනා අවධානමක් පවතින අතර මේ වන විටත් පුද්ගලයින් දෙදහසකට අධික පිරිසක් නිවෙස්හි නිරෝධායනය වෙමින් පවතී.

මේ අතර මඩකලපුව මාමාම්ගා ඊශ්වර කෝවිලේ පැවති ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් ඒකරාශි වී ඇති අතර එම පිරිස සිය ආගමික චාරිත්‍රානුකූලව අනුව ගංගා දියට බැස එම ජලය ස්නානය කර තිබේ.

යාපනේ කෝවිල් 2ක් සීල් තියයි

Related posts

 පොහොට්‌ටුව අම්මෙක්‌ තාත්තෙක්‌ නැති අවජාතක පක්‌ෂයක්‌ – පා. ම. ආනන්ද අලුත්ගමගේ

colombotoday

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

colombotoday

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

“පටු අරමුණු වෙනුවෙන් හමුදාව අවමානයට ලක් කරනු එපා” – යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අරඹන්න අනුමැතිය

colombotoday