Colombo Today Local News

වහබ්වාදී උලමා සංගමය ජනපතිට සුභ පතයි. එකට වැඩ කිරීමටත් සූදානම බව කියයි.

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකරමින් එම සංගමය මේ බව සඳහන් කරයි.

මුස්ලිම් සමාජය සාමාන්‍ය සමාජයෙන් වෙන් කිරීම සඳහා මෙරටට හලාල් සහතිකකරණය, ෂරියා බැංකු ක්‍රමය, කාන්තාවන්ගේ මුහුණ වැසෙන ඇඳුම් ඇතුළු වහබ්වාදී බොහෝ අංග මෙරටට හඳුන්වා දුන්නේ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින්ය.


සුබ පැතුම් පණිවිඩය

අප මාතෘ භූමියේ 07 වන විධායක ජනාධිපති වශයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා පත් වීම මෙරටේ පුරවැසියන් වන අප සියලු දෙනාටම ඓතිහාසික සිද්ධියකි.

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් වන අප, අපගේ නායකයා නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් තෝරා පත් වීම ශ්‍රී ලාංකේය අප සැමගේ සතුටට කරුණකි.

බහු ආගමිකයින් ලෙස බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කිතුනුවන් වන අපි මෙම ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සලකන අතර මෙම රටේ සියලු ජන කොටස් අතර සමගිය හා සාමකාමී සහජීවනය පවත්වා ගනිමින් සංවර්ධනය හා සමෘද්ධිය කරා මෙරට ධජය ගෙන යනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU) යනු දේශපාලනික නොවන සංගමයක් වන අතර දශක 9 කට වැඩි එහි ඉතිහාසය පුරාම මෙරට සංවර්ධනය සඳහා රජයන් සමඟ සමීපව කටයුතු කර ඇති අතර ප්‍රජාවන් අතර සමගිය හා සාමකාමී සහජීවනය ගොඩනැගීමේ උත්සාහයන්හි ක්‍රියාකාරීව නිරත වී ඇත.

සාමය, සමගිය සහ සමෘද්ධිය ගොඩනැංවීමත් සමඟම මෙරට උන්නතිය උදෙසා අතිගරු ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීමට අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමු.

සර්වබලධාරී දෙවියන් වන අල්ලාහ් සිය විශේෂ මඟ පෙන්වීම තුළින් අපගේ මාතෘ භූමියට දයාව හා ආශිර්වාදය පිරිනමත්වා, සංවර්ධනය, සාමය, සමගිය සහ සමෘද්ධිය කරා මෙරට මෙහෙයවීමට ඔබට ශක්තිය ලබා දෙත්වා.

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU)

Related posts

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

ඇමරිකාවේ විශේෂ දූත පිරිසක් දිවයිනට

colombotoday

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව නඩු දැමූ පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ

colombotoday

“ජවිපෙ ගෙනෙන 20 නියමයි” – ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ලාල් විජේනායකගෙන් සහතිකයක්

colombotoday