Colombo Today Local Newsfeatured

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය අවභාවිතා කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයට දැඩි ලෙස අවවාද කිරීමට ආගමික කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කර ඇත.

එලෙස නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය ආපසු කැඳවීමට ක්‍රියා කරන ලෙස ආගමික කටයුතු අමාත්‍යාංශය ලබා දුන් නිරේදේශ මත සමස්ත ලංකා උලමා සභාව විසින් මාධ්‍ය නිවේදනය ඉවත්කර ගැනීමට ක්‍රියා කර ඇත.

මේ පිළිබඳව ලිඛිතව කණගාටුව පළකරන ලෙස ද ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් උලමා සභාවේ සභාපති රිස්වි මුෆ්ති වෙත දන්වා ඇති බව ද දැනගන්නට ඇත.

Related posts

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

colombotoday

පැරිස් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී තර්ජණ !

colombotoday

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි

Admin

හිටපු මන්ත්‍රීට තඩිබෑ රෝසිගේ නෑයා රිමාන්ඩ්.. රෝසිගෙන් අධිකරණයටත් බාධා !

colombotoday